නොවැම්බර් 09 දා මධ්‍යම රාත්‍රිය්‍‍ෙ සිට බලපැවැත්වෙන පරිදි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

එම ගැසට් නිවේදනයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 ඈ අනු ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 5 වන අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට හිමි බලතල යොදාගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු බව එහි සඳහන් වේ.

මෙම විසුරුවීමත් සමග නව පාර්ලිමේන්තුව  2019 ජනවාරි 17 වෙනිදා කැඳවීමට ජනාධිපතිවරයා නියම කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග අනිවාර්යයෙන්ම ඡන්දයකට යා යුතු අතර  එම පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි 05 දා සිදු කිරීමට නියමිතව ඇත. ඒ සඳහා නාමයෝජනා භාර ගැනීම 2018 නොවැම්බර් 19 වන දා සිට 29 වන දා දහවල් 12 දක්වා සිදුකරන බව එම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබුණි.

Share this Post