Canada News

එන්නතේ දෙවන මාත්‍රාව ළඟදීම !

‍මිලියන 14 ක් පමණ වන ඔන්ටේරියෝ ජනගහනයෙන් සියයට 40 ක පමණ ප්‍රතිශතයකට මේ වන විට කොවිඩ් වැක්සීනයේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව රජයේ සෞඛ්‍ය දත්ත සහතික කොට සිටී. මෙසේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙනුවෙන් දෙවන එන්නත් මාත්‍රාවද ලබා දීම...

පළාත් රැසක සෞඛ්‍ය නීති රීති දැඩි කරයි

COVID-19 ආසාදිතයින් අනුපාතය ඉහළ යාමත් සමග කැනඩාවේ පළාත් රැසක් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගෙන ඇත. මැනිටෝබා පළාතෙහි කොවිඩ්-19 රෝගීන් බහුලව වාර්තා වන කලාප දෙකක පාසල් භෞතික අධ්‍යාපන කටයුතු සඳහා වසා දමා එම සිසුන්ට online learning පමණක්...

ඔන්ටේරියෝ පාර්ලිමේන්තුව Bill 104 පනත සම්මත කරයි

 ඔන්ටේරියෝ පළාත් පාර්ලිමේන්තුව විසින් මැයි 06 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ වූ පනතක් සම්මත කරගනු ලැබුණි. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී දෙමළ ජනයාට එරෙහිව ජන සංහාරයක් සිදුවූ බව පිළිගනිමින් සම්මත කරගනු ලැබූ එම පනත් කෙටුම්පත ඔන්ටේරියෝවේ ස්කාබරෝ ප්‍රදේශයේ...

කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර  අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...

GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...

Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...

නිමා වන දිනක් කිව නොහැකි එළිමහන් ක්‍රීඩා තහනම

  කොවිඩ්-19 රෝගීන් සැලකිය යුතු ලෙස පහත වැටෙන තෙක් එළිමහන් ක්‍රීඩා පහසුකම් වසා තැබීම දිගටම පවත්වාගෙන යන බව ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනි Christine Elliott ප්‍රකාශ කරයි. මේ වන විට stay-at-home නියෝගයට යටත් කර ඇති ඔන්ටේරියෝ පළාතේ ටෙනිස්, ගොල්ෆ් ආදි...

2021-22 ත් online ?

එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...

සංගණනයට සූදානම් වන්න !

කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...

කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....