ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, ටොරොන්ටෝ නගරය තුළ සෙසු සියලුම නිදන්ගත රෝග අභිබවා වකුගඩු රෝගය සහ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් පවතින බව අනාවරණය වී තිබේ. Ontario Hospital Association හි මඟපෙන්වීම මත...
තෙල් සාගරයක් මත හිඳ විදෙස් ඉන්ධන සංචිත මත යැපෙන – කැනඩාව
තහවුරු කළ ලෝක තෙල් නිධි සිතියම දෙස බලන විට කැනඩාව සැබවින්ම දැවැන්තයෙකි. වෙනිසියුලාව, සවුදි අරාබිය සහ ඉරානයට පසුව ලොව සිව්වන විශාලතම භූගත තෙල් සංචිතයට හිමිකම් කියන කැනඩාව, ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇති 'ඛනිජ තෙල් පස් නිධි' (Oil Sands) නිසා ගෝලීය බලශක්ති සුපිරි බලවතෙකු...
සංක්‍රමණික දැඩි නීති සමග BILL C-12 පනත සම්මත වෙයි
කැනඩාවේ ආගමන විගමන පද්ධතිය මුහුණ දී ඇති දැඩි අර්බුදය හමුවේ, 'ආගමන පද්ධතිය සහ දේශසීමා ශක්තිමත් කිරීමේ පනත - C-12 පනත' (Bill C-12) පසුගිය මාසයේදී (මාර්තු 26) රාජකීය අනුමැතිය (Royal Assent) ලබා ගනිමින් නීතියක් බවට පත් විය. පනත ක්‍රියාත්මක වී වසර පහකට පසු එහි...
මැද පෙළේ බලවතුන් ඒකරාශී කරන අගමැතිගේ ඉන්දු-පැසිෆික් සංචාරය
වර්තමාන ලෝක දේශපාලනයේ මෙන්ම ගෝලීය ආර්ථීකයේද තීරණාත්මක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඉන්දු-පැසිෆික් කලාපයයි. මෙම කලාපය තුළ කැනඩාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය තීරණාත්මක දස දින නිල සංචාරය පෙබරවාරි 26...
කැනේඩියානු පිරිමියා අමතක වූ පුරවැසියාද?
“කැනඩාවේ පිරිමියාට තියෙන්නේ සුරතලේට ගෙදර හදන සත්තුන්ටත් වඩා අන්ත තැනක්”“අපිට මෙහේ පස්වැනි තැනවත් නෑ”මේ කැනඩාවේ වසන ශ්‍රී ලාංකික පිරිමින් අතර නිතර ඇසෙන කතාවකි. එහෙත් මෙයශ්‍රී ලාංකිකයින්ට පමණක් සීමා වූ මතයක් නොවේ. කැනඩාවේ උපන් සුදු ජාතික පිරිමින් පවා ඇතැම්...
ඇටමිදුළු විනිවිදින ශීතල Polar Vortex ආක්‍රමණය
රිදී පැහැ හිම තට්ටු මෘදු ලෙස පෙනුනද, ඒවා තුළ සැඟවී එන ඇටමිදුළු විනිවිදින තියුණු ශීතල, ඝන ලොම් ඇඳුම් පවා පසාරු කරගෙන යන්නේ අසිපත් තුඩු මෙනි. මුළු මහත් උතුරු අර්ධගෝලයම මේ වන විට පණ ඇති මිනිසුන් ගැවසෙන ශීතාගාරයක් බවට පත්ව තිබේ. කැනඩාවේ ඔන්ටාරියෝ සිට ඇල්බර්ටා දක්වා වූ නගර...
කැනඩාව කැබලි කළ නොහැකි ඒකීය රාජ්‍යයක් !
කැනඩාවේ සියලුම ප්‍රාන්ත නායකයින් සහ අගමැති මාර්ක් කාර්නි අතර විශේෂ හමුවක් පසුගියදා ඔටාවා නගරයේදී පැවැත්වුණු අතර, ඇල්බර්ටා ඛෙදුම්වාදී ව්‍යාපාරය සහ ඔවුන් ඇමරිකානු නිලධාරීන් සමඟ පැවැත්වූ රහස් සාකච්ඡා පිළිබඳ පුවත එහි ප්‍රධාන මාතෘකාව බවට පත් විය. මෙම...
ආර්ථිකය අවියක් කරගත් යුගයක අනාගතය රැක ගැනීම
'නව ලෝකපර්යායයක්' ගැන මාර්ක් කාර්නි Davos හිදී හඬ අවදි කරයි ජනවාරි 20 දා ස්විට්සර්ලන්තයේ Davos නගරයේදී පැවැති ලෝක ආර්ථීක සමුළුවේ (World Economic Forum) වේදිකාවට පිවිසි කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, කැළඹිලි සහිත සහ වේගයෙන් වෙනස් වන ලෝකයක් හමුවේ...
ගුරු සිසු සබඳතා සහ නීතියේ සීමාව
පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යජාල කැළඹීමට සමත් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ, පාසල් සිසුවෙකු සමඟ අයථා සබඳතා පැවැත්වූ බව කියන ගුරුවරියන් සිව්දෙනෙකු පිළිබඳ පුවතයි. මෙම සිදුවීමත් සමඟ සමාජය තුළ ප්‍රබල සංවාදයක් නිර්මාණය වී ඇති අතර,...
කැනඩාවට එන සංක්‍රමණිකයන්ට වැසෙන සහ ඇරෙන අළුත් දොරටු
කැනඩා රජය විසින් 2026-2028 වසර සඳහා නව ආගමන විගමන මට්ටම් සැලසුම (Immigration Levels Plan) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙයින් මෑත ඉතිහාසයේ කැනඩා ආගමන විගමන ප්‍රතිපත්තියේ සිදු වූ විශාලතම වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිතය. 2026 වසරේ සිට...
2026 ඔන්ටාරියෝ: අළුත් වන නීති සහ රෙගුලාසි
2026 වසරේ ආරම්භයත් සමඟ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ බදු ගෙවන්නන්, නිවාස හිමියන්, කුලී නිවැසියන් සහ සේවා යෝජකයන්ට බලපාන නව නීති සහ රෙගුලාසි කිහිපයක් ක්‍රියාත්මක වනු ඇත. ඔන්ටේරියෝ රජය, ටොරොන්ටෝ නගර සභාව සහ ෆෙඩරල් රජය මගින් හඳුන්වා දෙන මෙම නව නීති පිළිබඳ සාරාංශයක්...
එපාම වූ පසු නික්ම යන කැනේඩියානු නායකයා…
නවසීලන්ත අගමැතිනි Jacinda Ardern 2023 ජනවාරි 19 වන දින සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ විට, එරට ජනතාව මවිතයට පත් විය. ඇය අගමැති ධුරයේ සිටියේ වසර පහක් පමණක් වන අතර, පත් වී වසර දෙකක් යන විටම ඇයගේ පක්ෂය පිරිහීමට ලක් විය. මෙහිදී තම පාලනය තුළ පවතින අඩුලුහුඬු කම්...
දෙමාපියන් සඳහා වන PR අත්හිටුවයි !
දෙමාපියන් සහ ආච්චිලා, සීයලා සඳහා ස්ථිර පදිංචිය (PR) ලබාගැනීම සඳහා, අනුග්‍රහය දැක්වීමේ නව අයදුම් භාර ගැනීම ආගමන අමාත්‍ය Marc Miller ගේ නියෝගයකට අනුව නැවත දැනුම් දෙන තුරු නවතා ඇත. කැනඩා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නියෝගයේ...
Henley Passport Index – CANADA passport
Henley Passport දර්ශකයෙහි 2025 වාර්තාවට අනුව මෙවරත්, කැනඩා විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම ගමන් බලපත්‍ර 10 අතරට පත්වීමට සමත්ව ඇත. ඒ අනුව මෙවර ගෝලීය වශයෙන් කැනඩාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි. එම ස්ථානයට අනුව ලොව ප්‍රධාන රටවල් 188 ක් වෙත visa-free හෝ...
අර්බුද මැද පත් වූ නව ඇමතිවරු !
ටෲඩෝ රජයේ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කළ Chrystia Freeland, ගේ විශ්මිත ඉල්ලා අස්වීමත් සමග, ආණ්ඩුව තුළ පවතින කැළඹිලි සහගත තත්ත්වය වඩාත් උත්සන්න වී ඇත. දෙසැම්බර් 16 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ වෙත ලිපියක් යොමු කරමින් ෆ්‍රීලන්ඩ් සඳහන් කර තිබුණේ, කැනඩාවට...
















