මැලේරියාව තුරන් කළ පළමු ආසියානු රට ලෙසත් බරවා රෝගය සහමුලින්ම තුරන් කළ රට ලෙසත් ශ්‍රී ලංකාව නම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි. බරවා රෝගය සහමුලින්ම තුරන් කිරීම පිළිබඳව පිරිනමනු ලබන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙට (21 දා) ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතව ඇත.

ලබන සැප්තැම්බර් මාසයේදී මැලේරියාව තුරන් කිරීම සම්බන්ධයෙන් පිරිනැමෙන සහතිකයද ශ්‍රී ලංකාවට පිරිනැමෙනු ඇත.

Share this Post