මැයි මස අවසන් සතිය වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම ඔන්ටේරියානු වැසියන් හට කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කරන බව ඔන්ටේරියෝ රජය පවසයි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එන්නත් තොග නොකඩවා ඉදිරි සතිවලදී කැනඩාවට ලැබෙනු ඇති බවට කැනඩා රජය විශ්වාසය පළ කොට සිටී.

ඒ අනුව මැයි මාසය තුළ සතියකට මාත්‍රා 800,000 ක්ද ජූනි මාසය තුළ සතියකට මාත්‍රා 940,000 ක් පමණ වූ වූ Pfizer එන්නත් ප්‍රමාණයක් කැනඩාවට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.  ඒ සමගම 388,000 පමණ වූ Moderna වැක්සීන ප්‍රමාණයක්ද මැයි 10 වැනි දින වන විට ලැබීමට නියමිතව ඇත.

මේ වන විට ඔන්ටේරියෝව තුළ දිනකට විශාල සංඛ්‍යාවකට එන්නත ලබාදීම සිදුකෙරෙන අතර මැයි 01 දා වන විට එන්නත් පළමු මාත්‍රාව අවුරුදු 18 ට වැඩි ජනගහනයෙන් සියයට 40 කට පමණ ලබා දීමට උත්සාහ කරන බව සඳහන් වේ. මේ වන විට විවිධ වයස් කාණ්ඩවලට වෙන් කරමින් සහ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තාවන ප්‍රදේශ වෙන් කරමින් එන්නත ලබා දීම සිදු කරනු ලබන නමුත් මැයි 24 වන දින වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලු ඔන්ටේරියානුවන් සඳහා වැක්සීන සඳහා ලියාපදිංචි වීමට හැකි පහසුකම් සැපයීමට රජය බලාපොරොත්තු වේ.  

තෝරාගත් ඔසුසල් (pharmacies) මගින් 40+ පුද්ගලයන් සඳහා AstraZeneca/COVISHIELD වැක්සීනය ලබාගැනීමට මේ වන විට පහසුකම් සලසා ඇති අතර ජනතාව වෙත ඉක්මනින් වැක්සීන ලබාදීම සඳහා  Pfizer වැක්සීනයද ඔසුසල් වෙතින් ලබාගැනීමට පහසුකම් සැලසීමට රජය  කටයුතු සූදානම් කරමින් සිටී.  එහි නියමු වැඩසටහනක් ලෙස ටොරොන්ටෝ සහ පීල් පළාත්වල hotspots වලින් තෝරා ගන්නා ලද ෆාමසි 16 ක් වයස අවුරුදු 55+ පුද්ගලයින් සඳහා Pfizer එන්නත ලබා දීමට කටයුතු කරනු ඇත.

මැයි මස මුල සිට ඔන්ටේරියෝවේ සියලුම පුද්ගලයින් ඉලක්ක කොට ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත දැවැන්ත එන්නත්කරණ වැඩසටහන යටතේ ලියාපදිංචි විය හැකි වයස් කාණ්ඩ සහ දින මෙසේ සඳහන් වේ.

වයස අවුරුදු 55+ අප්‍රේල් 30 වන සිකුරාදා

වයස අවුරුදු 50+ මැයි 03 වන දා සිට

වයස අවුරුදු 40+ මැයි 10 වන දා සිට

වයස අවුරුදු 30+ මැයි 17 වන දා සිට

වයස අවුරුදු 18+ මැයි 24 වන දා සිට

https://twitter.com/Douglas680NEWS/status/1387814293765304326/photo/1

 

 

Share this Post