ලබන වසරේ ජනවාරි 06 වනදා සිට අප්‍රේල් 07 වෙනිදා දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රාත්‍රී කාලයේදී පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ගුවන් තොටුපළ ප්‍රධාන ධාවන පථයේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුතු දහවල් කාලයේ සිදු කිරීමට අවශ්‍ය නිසා මෙම පියවර ගෙන ඇති බව පැවසේ. ඒ අනුව ඉහත කාල සීමාවේදී උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ගමන් කටයුතු අත් හිටවේ.
එම කාලය තුළ මත්තල ගුවන් තොටුපළ භාවිතයට ගැනීමට අදහස් කර ඇතැයිද පැවසේ.