2018 මැයි මාසයේ සිට සියලුම කාර් සහ කුඩා ට්‍රක් රථ සඳහා පසුපස දිස්වන උපස්ථ කැමරා (back-up cameras) අනිවාර්ය කරන බව කැනඩා ප්‍රවාහන අමාත්‍යාංශය (Transport Canada) පවසා සිටී. මෙම නව රෙගුලාසිය සම්බන්ධයෙන් නිල වශයෙන් අදහස් දැක්වීමට දින 75 ක කාලයක් ලබා දී ඇති අතර එය කැනඩා ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත.
මෙවැනි වෙනස් කමක් සිදුකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ, මහමග අනතුරුවලට ජනතාව ලක්වීම වැළැක්වීමට විශේෂයෙන්ම දරුවන්, ආබාධිත පුද්ගලයන්, වැඩිහිටියන් ආදීන් අවදානමකට ගොදුරු වීම මගහැරවීමට මෙම ආරක්ෂණ පියවර ගැනීමට අදහස් කළ බවයි. 2004 සිට 2009 දක්වා සිදු වූ රථවාහන අනතුරු පිළිබඳව සලකා බැලීමේදී පිටුපස හරිහැටි නොබලා වාහන හැරවීම, පසුපසට ගැනීම ආදිය නිසා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 27 ක් බවත් තුවාල ලැබූ සංඛ්‍යාව 1,500 ක් පමණ වන බවත් වාර්තා වේ.
අලූත් නීති රෙගුලාසිය සියලූම සැහැල්ලු වාහන (මගී මෝටර් කාර්, සැහැල්ලු ට්‍රක් රථ, රෝද තුනේ වාහන සහ කුඩා වෑන් රථ සහ බස් රථ) සඳහා ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
මෝටර් රථ සඳහා පිටුපස කැමරා අනිවාර්ය කිරීමේ නීතිය ඇමරිකාව තුළ 2014 වසරේ සිට ක්‍රියාත්මක වන අතර එම නීති පද්ධතියද සැලකිල්ලට ගෙන ඊට සමාන ආකාරයට කැනඩාවේ ප්‍රමිතීන්ට අනුකූලව කැමරා නීතිය මෙහි කි්‍රයාත්මක කිරීමට අමාත්‍යාංශය අදහස් කරයි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!