2018 ජනවාරි 01 දා සිට හැමිල්ටන්හි මැක්මාස්ටර් විශ්වවිද්‍යාල තුළත් බර්ලින්ටන්හි රොන් ජොයිස් මධ්‍යස්ථානය තුළත් දුම්කොළ සහිත හෝ රහිත සියලුම දුම්වැටි භාවිතය තහනම් කර ඇත.

මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සහ උපකුලපති ලෙස කටයුතු කරන පැට්‍රික් ඩේන් විසින් මේ පිළිබඳව වූ ප්‍රතිපත්ති මාලාව නිවේදනය කරනු ලැබූ අතර මෙය පැහැදිලිවම ‘යෝග්‍ය හා තාර්කික’ කටයුත්තක් වනු ඇති බව එහිදී ප්‍රකාශ කරනු ලැබුණි. විශ්ව විද්‍යාල පරීශ්‍රය තුළ සෞඛ්‍ය අවදානම් ඉවත් කොට සෑම අයෙකුටම ගැළපෙන පරිසරයක් ඇතිකිරීම වැදගත් බවද ඔහු පැවසීය. මෙම වෙනසට හැඩ ගැසීම සඳහා මැක්මාස්ටර් විශ්වවිද්‍යාලය විසින් එහි ගුරු – සිසු ප්‍රජාව සඳහා විවිධ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

ලබන ජනවාරියේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමත් සමග සියයට සියයක් දුම්පානය තහනම් වූ ඔන්ටාරියෝවේ පළමු විශ්වවිද්‍යාලය බවට මැක්මාස්ටර් විශ්වවිද්‍යාලය පත් වේ.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!