මත්පැන් සම්බන්ධයෙන් ඔන්ටේරියෝව තුළ මේ වන විට බලපැවැත්වෙන සීමාවන් සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇතැයි ඔන්ටේරියෝ ප්‍රෙමියර් ඩග් ෆෝඞ් පවසයි. එ් අනුව ඉදිරියේදී එළිමහන් හා ප‍්‍රසිද්ධ ස්ථානවල මහජනතාවට නිදහසේ මත්පැන් පානය කිරීමට හැකි ආකාරයට නීති ගෙන එ්මට ෆෝඞ් රජය බලාපොරොත්තු වේ.
මේ මාසයේ (ඔක්තෝබර්) සිට මරිජුවානා භාවිතය නීතිගත කිරීමට ෆෙඩරල් රජය කටයුතු සකස් කරමින් ඇති අතර ඔන්ටේරියෝවේ හිටපු ලිබරල් රජය විසින් එ් පිළිබඳව ගෙන තිබූ ප‍්‍රතිපත්ති සංශෝධනය කිරීමට ෆෝඞ් රජය පියවර ගෙන ඇත. එ් අනුව මෝටර් රථ සහ බෝට්ටු ආදියෙහි හැර ඔන්ටේරියෝව තුළ සෙසු සෑම ස්ථානයකම දුම්වැටි පානය සඳහා අවසර ලැබෙනු ඇත.
තවද උද්‍යාන සහ එළිමහන් ස්ථානවල බීර, වයින් ආදිය පානය කිරීමේ අයිතියද ඔන්ටේරියෝනුවන්ට ලබාදෙන බව පසුගියදා ෆෝඞ් ප‍්‍රකාශ කර තිබුණි.
මෙහිදී තවදුරටත් අදහස් දක්වා ඇති ෆෝඞ් පවසා ඇත්තේ මහජනතාව ප‍්‍රසිද්ධ ස්ථානවල මත්පැන්, මරිජුවානා ආදිය භාවිත කිරීම පෞද්ගලිකව තමා අනුමත නොකළත් රජයක් වශයෙන් කටයුතු කිරීමේදී මෙවැනි තීරණ ගැනීමට සිදුවන බවයි. එ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා හා ඇටෝර්නි ජනරාල්වයා සමග කතාබස් කොට ගත යුතු ක‍්‍රියාමාර්ග ගැනීමට ෆෝඞ් අදහස් කරයි.
මරිජුවානා නීතිගත කිරීමත් සමග සෑම ස්ථානයකදීම එ්වා භාවිතය සඳහා අවසර ලබා දීමට ක‍්‍රියා කළත් කුඩා දරුවන් ගැවසෙන ක‍්‍රීඩාංගන හා උද්‍යාන තුළ මරිජුවානා ගැනීමට අවසර නොදෙන බව ෆෝඞ් රජයේ බලධාරීහු පවසති. එ් අනුව එම ස්ථානවල සිට මීටර් 20 ක දුරකට මෙම නීතිය බල පැවැත්වෙනු ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!