කැනඩා මහ බැංකු පොලී අනුපාතය සියයට 0.25 කින් නැවතත් වැඩි කර ඇත. 2017 ගිම්හානයේ සිට මේ දක්වා සියයට 0.25 බැගින් පස්වතාවක් මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කොට තිබුණි. එ් අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතය සියයට 1.75 ක් බවට පත් වී ඇත. 2008 දෙසැම්බරයෙන් පසුව ගත වූ දශකය තුළ කැනඩා මහ බැංකු පොලී අනුපාතය මෙතරම් ඉහළ මට්ටමකට ගිය ප‍්‍රථම අවස්ථාව මෙය බව එ් පිළිබඳ වාර්තා දක්වා සිටී.
මහ බැංකු පොලී අනුපාතය මේ ආකාරයට ඉහළ යෑම මගින් කැනඩාවේ සෙසු බැංකු පොලී අනුපාතයන්ද වෙනස් වන අතර එය ගනුදෙනුකරුවන්ට ඍජුවම බලපෑම් එල්ල කරන තත්ත්වයක් වේ. මහ බැංකු පොලී අනුපාත ඉහළ යෑමත් සමගම ගනුදෙනුකරුවන් සතු විචල්‍ය උගස් ණය අනුපාත (variable rate mortgages) සහ ඉතුරුම් ගිණුම්වල පොලී අනුපාත ඍජුවම වෙනස්කම්වලට භාජන වේ.
මේ තත්ත්වය තුළ කැනඩාවේ ප‍්‍රධාන බැංකු සියල්ලක්ම සිය පොලී අනුපාත සියයට 0.25 කින් ඉහළ නැංවීමට මේ වන විට පියවර ගෙන ඇත. එ් අනුව එම බැංකු සිය මූලික ණය අනුපාතිකයන් සියයට 3.70 සිට සියයට 3.95 දක්වා ඉහළ නංවා ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!