කැනඩාව මරිජුවානා නීත්‍යනුකූල කිරීම ලෝකයේ සෙසු රටවලට අදාළ කරුණක් නොවුණත් එ් පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ ආසියානු කලාපයේ රටවල් තුනක් පිළිබඳව පසුගියදා වාර්තා විය.
කැනඩාවේ මරිජුවානා නීත්‍යනුකූල කිරීමත් සමග මෙසේ කලබල වී ඇත්තේ ජපානය, චීනය සහ දකුණු කොරියාවයි. කැනඩාවේ සිටින එම රටවල පුරවැසියන්ට ඔවුන් විසින් අනතුරු අඟවා ඇති අතර එහි සඳහන් වන්නේ ‘ඔබ පදිංචි රට මරිජුවානා නීත්‍යනුකූල කළත් එ්වා භාවිතයෙන් වැළකී සිටීමට වග බලා ගත යුතුයි’ යනුවෙනි. මරිජුවානා භාවිත කරන දකුණු කොරියානුවන් සහ ජපන් වැසියන් අත්අඩංගුවට ගැනීමට වුවත් ක‍්‍රියා කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ පිළිබඳව වූ විශේෂ නිවේදනයක් ටොරොන්ටෝහි චීන කොන්සල් කාර්යාලය විසින් පසුගියදා නිකුත් කරනු ලැබූ අතර එයින් පොදුවේ කැනඩාවේ සමස්ත චීන පුරවැසියනුත් විශේෂයෙන්ම චීන ශිෂ්‍ය ප‍්‍රජාවත් ආමන්ත‍්‍රණය කොට තිබුණි. එහි සඳහන් වූයේ ‘ඔබේ ශාරීරික හා මානසික සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා මරිජුවානා භාවිතය හා එ් සම්බන්ධ කටයුතුවලින් ඈත් වන්න’ යනුවෙනි. මෙම ප‍්‍රකාශය කොන්සල් කාර්යාල වෙබ් අඩවියෙහි දක්වා ඇත.
වැන්කූවර්හි ජපන් කොන්සල් කාර්යාල වෙබ් අඩවියෙහිද මෙවැනි ප‍්‍රකාශයක් දක්නට ලැබෙන අතර එහි සඳහන් වන්නේ, මරිජුවානා ළඟ තබාගැනීම, විකිණීම හා භාවිතය සම්බන්ධයෙන් ජපන් පුරවැසියන්ට හා සංචාරකයින්ට ජපානයේ නීතියට අනුව කටයුතු කළ හැකි බවයි.
දකුණු කොරියානු රාජ්‍ය නිල වෙබ් අඩවියේත් එරට රූපවාහිනී විකාශනවලත් සඳහන් වී ඇත්තේ කැනඩාවේ සිටින දකුණු කොරියානුවන් සඳහා මරිජුවානා භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති ක‍්‍රියාත්මක කරන බවයි. එයට අනුව කියවෙන්නේ ‘මරිජුවානා නීත්‍යනුකූල කර ඇති ලොව කොතැනකදී වුවත් එ්වා භාවිතය, මිල දී ගැනීම, විකිණීම හෝ තවත් අයෙකුට ලබාදීම සාපරාධී ක‍්‍රියාවක් ලෙස සැලකෙන බවත් එ් සඳහා දඬුවම් පමුණුවන බවත්’ ය.
මරිජුවානා භාවිතය සම්බන්ධයෙන් විදේශගතව සිටින එ් රටවල පුරවැසියන් සඳහා මෙසේ දඬුවම් පමුණුවන බව සඳහන් කොට තිබුණත් එම දඬුවම පමුණුවන නීත්‍යනුකූල ආකාරය පිළිබඳව පැහැදිලි කොට නැත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!