නෝවා ස්කෝෂියාවේ පළාත් කීපයක විශ්වවිද්‍යාල හා පාසල් වෙත අද (සැප් 21) උදෑසන සිට ලැබෙමින් පවතින බෝම්බ ඇතැයි පැවසෙන පණිවිඩ නිසා එම පළාත්වල විශ්වවිද්‍යාල හා පාසල් සියල්ලෙහිම සිසුන් හා කාර්ය මණ්ඩල ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

අද උදෑසන 7.50 ට පමණ පළමුවෙන්ම මෙම බෝම්බ තර්ජනය ලැබී ඇත්තේ Marconi campus වෙත බව පොලිසිය පවසයි. ඒ සමගම එහි සිටි සිසුන් වහ වහා ඉවත් කර ඇති අතර මෙම අනර්ථ තර්ජනයත් සමගම Cape Breton University සිසුන්ද ඉවත් කිරීමට කටයුතු කර ඇත. උදෑසන 8 ට පමණ IT campus in Halifax වෙතද මෙවැනිම බෝම්බ තර්ජනයක් ලැබී ඇති අතර එහි වූ සිසුන්ද ඉන්පසු ඉවත් කෙරුණි. උදෑසන 10 වන විට Lawrencetown හි පිහිටි NSCC campus වෙතද මෙම තර්ජනයම යොමු වී තිබූ අතර බලධාරීන් විසින් එහි සිටි සියලුම සිසුන්ද ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ප්‍රදේශය සිසාරා යන බෝම්බ තර්ජනය හමුවේ University of Prince Edward Island සහ Holland College ද මේ වන විට වසා දමා සිසුන් ඉවත් කර තිබේ.

දිගින් දිගටම ලැබුණු තරජන හේතුවෙන් මේ වන විට P.E.I හි සියලුම පාසල් වසා දමා එ්වායේ සිසුන්ද ඉවත් කිරීමට පියවර ගෙන ඇත. දෙමව්පියන් සහ භාරකරුවන් විසින් තම දරුවන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම මේ වන විට සිදුවේ.

අද උදෑසන තර්ජන ලැබුණු අවස්ථාවේ සිට පොලිස් සුනඛයන් පවා යොදා ගනිමින් ඒ පිළිබඳව සැක කටයුතු සියල්ලම පරීක්ෂාවට භාජන කිරීම සිදුවෙමින් පවතී. එහෙත් එම තර්ජනයට සම්බන්ධ කිසිදු අනතුරුදායක තත්ත්වයක් මේ වන තෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි.

Share this Post