COVID-19  තත්ත්වය තුළ ටොරොන්ටෝවේ වාර්ෂිකව පැවැත්වෙන ගිම්හාන උත්සව රැසක් අවලංගු කිරීමට එම උත්සව සංවිධායකයින් තීරණය කොට ඇත. කැනඩා කම්කරු දිනය යෙදෙන සැප්තැම්බර් 06 දා දක්වා ජනතාව එක්රැස් කෙරෙන උත්සව සහ අවස්ථා සඳහා බලපත්‍ර ලබාදීම ටොරොන්ටෝ නගර සභාව විසින් අත්හිටුවා ඇති තත්ත්වය යටතේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඔවුහු පවසා සිටිති.

මෙම අවලංගු කිරීම් අතර නගර සහ වෙනත් පොදු ස්ථාන, (උද්‍යාන හා ප්‍රජා චතුරශ්‍ර ආදි නගරසභාව විසින් කළමනාකරණය කරන ස්ථාන)  මිනිසුන් එක්රැස් වීම, උත්සව සහ රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇත.

මේ පිළිබඳව Canadian National Exhibition (CNE) විධායක අධ්‍යක්ෂ Darrell Brown පවසන්නේ, නගරසභාව විසින් කරන ලද නිවේදනයට අනුව වාර්ෂිකව ඩොලර් මිලියන 70 ක ආදායමක් ලබන CNE ප්‍රදර්ශනය මේ වසරේදීත් නවතා දැමීමට සිදුවන බවයි.

අද දින නිවේදනයක් නිකුත් කළ ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී පවසා ඇත්තේ, නගරයේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත කැනේඩියානු ජාතික ප්‍රදර්ශනය මේ වසරේදීත් නවතා දැමීමට සිදුවන බවත් 2022 වසරේදී ජනතාව එක්රැස් කරමින් වඩාත් හොඳින් ප්‍රදර්ශනය සංවිධානය කිරීමට සහයෝගය දෙන බවත්ය.

වාර්ෂිකව කැනඩාවේ පැවැත්වෙන විශාලතම ජාතික ප්‍රදර්ශනය ලෙස සැලකෙන CNE ප්‍රදර්ශනය නැරඹීමට 2019 වසරේදී මිලියන 1.5 ක ජනතාවක් පැමිණ ඇත.

ටොරොන්ටෝ නගරයේ අවලංගු වන අනෙක් ප්‍රධාන අවස්ථා

  • Taste of the Middle East
  • Taste of Lawrence
  • Honda Indy
  • Toronto Outdoor Art Fair
  • Afrofest
  • Salsa in Toronto
  • 49th Annual Festival of India
  • Bloor West StreetFest
  • Beaches Jazz Festival
  • Oss Fest
  • Caribbean Junior Carnival
  • Scarborough Ribfest
  • Caribbean Carnival, King and Queen Competition, Pan Alive and Grand Parade
  • Taste of the Danforth
  • Vegandale Food Drink Festival
  • Bollywood Film Fair
  • Waterfront Night Market
  • Canadian National Exhibition
  • Mabuhay Philippines Festival
  • Toronto Chinatown Festival
  • Labour Day Parade

Share this Post