Henley Passport දර්ශකයෙහි 2025 වාර්තාවට අනුව මෙවරත්, කැනඩා විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම ගමන් බලපත්‍ර 10 අතරට පත්වීමට සමත්ව ඇත. ඒ අනුව මෙවර ගෝලීය වශයෙන් කැනඩාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි. එම ස්ථානයට අනුව ලොව ප්‍රධාන රටවල් 188 ක් වෙත visa-free හෝ visa-on-arrival ප්‍රවේශය කැනඩා ගමන් බලපත්‍රය ලබා දෙයි.
කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රයේ අඛණ්ඩ ශක්තියට රට විසින් ගෙන යන ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ගෝලීය තත්ත්වයන් හි බලපෑම ඉවහල් වී ඇතැයි Henley පවසයි.
මෙම ශ්‍රේණිගත කිරීමේදී රටවල් 195 ක් සඳහා වීසා ප්‍රවේශය ලබාගනිමින් සිංගප්පූරුව පළමු ස්ථානයට පත්ව ඇති අතර දෙවන ස්ථානය රටවල් 193 ක් සඳහා ජපානයට හිමිව ඇත. මෙහි එක්සත් ජනපදය 9 වන ස්ථානයේ පසුවෙයි.
වර්තමානයේ අන්තර් සම්බන්ධිත ලෝකයේ ශක්තිමත් විදේශ ගමන් බලපත්‍රයක් තිබීම, ගෝලීය පුරවැසිභාවයේ සංකේතයක් ලෙස සැලකෙන අතර එය දේශසීමා තරණය කිරීමට, ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට සහ සහයෝගීතාවයේ සහ එකමුතුකමේ වටිනාකම් දැන හඳුනාගැනීමට අවස්ථාව සලසා දේ.
Henley Passport Index මගින් ලොව පුරා සංචාරක ගමනාන්ත 227 සහ විදේශ ගමන් බලපත්‍ර 199 ක් ආවරණය කරයි. 1906 දී පිහිටුවන ලද මෙම දර්ශකය ගෝලීය සංචලනය සහ සංචාරක ප්‍රවේශය පිළිබඳ විශ්වාසදායක දත්ත සපයයි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!