ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක.

වෙබ් ලිපිනය – https://covid-19.ontario.ca/book-vaccine/

දැනට වැඩිම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර ඉදිරි දෙසතිය තුළ මෙම කලාපවල ජනගහනයෙන් සියයට පනහකට වැඩි පිරිසකට වැක්සීන ලබාදීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වේ.

අධිඅවදානම් කලාපවලට වැක්සීනය ලබා දෙන අතරතුර සෙසු කලාපවල ජනතාවට නිරාවරණය වන රැකියාවන්හි යෙදෙන පිරිස පිළිබඳවද රජය යොමුකිරීමට අදහස් කොට ඇත.

‍කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ අද සිට ලියාපදිංචි වීමට  සුදුසුකම් ලබන අධිඅවදානම් කලාප මෙසේය. hot spot neighbourhoods

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!