ටොරොන්ටෝ Michael Garron රෝහලේ ඔක්සිජන් සැපයුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය තුළ එහි රෝගීන් 10 දෙනෙකු වෙනත් රෝහල් කරා මාරු කර යැවීමට පියවර ගෙන ඇත. ටොරොන්ටෝ ස්ටාර් පුවත් වාර්තාවලට අනුව මෙම රෝගීන් Sunnybrook හෝ St. Michael’s රෝහල් වෙත යවා ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මෙම රෝහලේ කළමනාකාරිත්වය පවසන්නේ බ්‍රහස්පතින්දා උදෑසන වන විට රෝහලට වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව විශාල වීමත් සමග ඔක්සිජන් සැපයුමට ඇති විය හැකි අවදානම හඳුනාගෙන මෙම මාරු කිරීම සිදුකළ බවයි.

ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම ඉතාමත් ඉහළ බැවින් රෝගීන් රැගෙන ආ ගිලන්රථ කිහිපයක් හරවා යැවීමට සිදුවූ බව රෝහල් ප්‍රධානියකු පවසා සිටී.

මේ වන විට රෝහල තුළ ඔක්සිජන් සැපයුම් ධාරිතාව පුළුල් කිරීම ස‍ඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා පූර්වාරක්ෂක ක්‍රම යොදා ගනිමින් තිබෙන බවත් සඳහන් වේ. මේ වන විට මයිකල් ගැරන් රෝහල වෙත අවශ්‍ය අනුග්‍රාහක දායකත්වය සහ ආධාර  සෙසු හවුල්කාර රෝහල් වෙතින්ද ලබා දෙන බව මෙම ප්‍රකාශකයා පවසා සිටී.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!