ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිංස්කරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අත්පත් කරගෙන ඇති වර්ධනය පිළිබඳ සැලකිලිමත් වී, රුපියල් මිලියන 14,500 ක් පමණ වන මෙම ණය මුදල ලබාදීමට තීරණය කළ බව ලෝක බැංකුව පවසා සිටී. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මේ ණය මුදල ලබා දෙන බව ලෝක බැංකුව කියයි.