කැනඩාවෙහි සිදුවන ලිංගික අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට කැනේඩියානු හමුදා සන්නද්ධ අංශයේ විශේෂ කණ්ඩායමක් (Sexual Offences Response Team) යෙදවීමට රජය පියවර ගෙන ඇත. කැනඩාව තුළ දිනෙන් දින වැඩිවන ලිංගික අපරාධ පිළිබඳවත් එම සිදුවීම්වලදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් පසුගිය වසරේදී රජයේ විශේෂ අවධානය යොමු කරනු ලැබූ අතර එහිදී එතෙක් ලිංගික අපරාධ සිදුවීම් විමර්ශ කටයුතු සිදුකළ කැනේඩියානු හමුදා පොලිසියට ඒ සම්බන්ධයෙන් ඇති පළපුරුද්ද හා පුහුණුව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව තීරණය කෙරුණි.
ඒ නිසා එම කාර්යය හමුදා සන්නද්ධ අංශයට භාර දීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් යොදාගනු ලබන සන්නද්ධ අංශයේ සියලූම හමුදා භටයන් වෙත ඉතාමත් ක්‍රමානුකූල විශේෂඥ පුහුණුවක් ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම හමුදා කණ්ඩය නිර්මාණය කිරීම පිළිබඳ නිවේදනය මිලිටරි පොලිසියේ උසස් නිලධාරියකු වන බි්‍රගේඩියර් ජනරාල් රොබ් ඩෙලනි විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර විශේෂ පුහුණුව ලැබූ හමුදා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිර ගිය අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
විශේෂිත පුහුණුව ලත් නිලධාරීන් වැඩි පිරිසක් සහිතව මෙවැනි හමුදා කණ්ඩායමක් නිර්මාණය කිරීමෙන් ලිංගික අපචාර අපරාධවලට ගොදුරු වී පීඩාවට පත්වන්නන් වෙත නිසි කලට වේලාවට වෘත්තීය මට්ටමේ සේවයක් සැලසීමට අපේක්ෂා කෙරේ.
කැනඩාව පුරා ස්ථාන හයක මෙම විශේෂ හමුදා කණ්ඩ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර ඕනෑම මොහොතක සිදුවන කවර ආකාරයක හෝ ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් වහාම මොවුන් ක්‍රියාත්මක වනු අැත.
2015 වසරේ සහ 2016 වසරේ මුල් මාස හය තුළ ලිංගික අපරාධ පරීක්ෂණ 280 ක් මිලිටරි පොලිසිය විසින් සිදුකර ඇති අතර එයින් 49 කට චෝදනා ගොනු කර තිබේ. නමුත් මේ අතරින් ප්‍රතිඵලයක් ලැඛෙන ලෙස තහවුරු කළ හැකි චෝදනා කොපමණ ඇද්දැයි යන්න පිළිබඳව විශ්වාසයක් නොමැති බව ඒ ිළිබඳව සඳහන් වාර්තාවක දැක්වේ.
හමුදා පොලිසිය විසින් ලිංගික අපචාර අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාරි ඩෙස්චැම්ප්ස් පසුගිය වසරේදී දැඩි දෝෂ දර්ශනයට හසුකර තිබූ අතර ඇය ඒ සම්බන්ධයෙන් සැකසූ විවේචනාත්මක වාර්තාවක්ද නිකුත් කර තිබුණි. එහිදී මිලිටරි පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කරන ඇය එම වාරතාවෙන් ඔවුන්ගේ අතපසුවීම් පිළිබඳව මෙසේ දක්වා තිබුණි. ‘මෙවැනි සිදුවීමකදී අදාළ ප්‍රතිපත්ති පිළිවෙත් පිළිබඳව ඔවුන් බොහෝ දෙනෙකු තුළ පවතින්නේ ව්‍යාකූල ස්වභාවයක්. ලිංගික අඩන්තේට්ටම් සිදුවීම්වලදී ඇතිවන ගැටලූවලදී ඔවුන් හරිම අසංවේදීයි. එම වරදෙහි මූලිකාංග විභාග කිරීම පිළිබඳව කිසිදු පුහුණුවක් නැහැ. එවැනි අවස්ථාවකදී පවතින නීත්‍යනුකූල එකඟතාව යන සංකල්පය ගැනවත් ඔවුන්ට පුහුණුවක් නෑ. අපචාරයට ගොදුරු වූ පුද්ගලයන්ට සහන හා සහායයන් ලබා ගත හැකි සම්පත් හා අවස්ථාවන් පිළිබඳව ඔවුන්ගේ දැනුවත් භාවයත් ඉතාමත් අල්පයි’

Share this Post