ඔන්ටේරියෝව තුළ රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් ඇතැම් අය සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලබාගැනීමට විශාල කාලයක් බලා සිටින බවත් පසුගියදා කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත. කැනඩාවේ සංඛ්‍යාලේඛන දත්ත අනුවත් මේ වන විට සමස්ත කැනඩාවේ සහ විශේෂයෙන්ම ඔන්ටේරියෝවේ රැකියා සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වේගෙන යන බව පෙන්වා දේ.
2024 වසරේ තුන්වන කාර්තුව සඳහා පසුගිය දෙසැම්බරයේ නිකුත් කරන ලද රැකියා පුරප්පාඩු පිළිබඳ රජයේ සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, මෙම තත්ත්වය ස්ථිර රැකියාවක් ලබා ගැනීමට අරගල කරන අය සඳහා පමණක් නොව රටෙහි මුළු ආර්ථිකයටම ගැටලුදායක තත්ත්වයක් ගෙන දී ඇති බව පෙන්වා දේ. ඒ අනුව අවසන් වශයෙන් නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන සැලකිල්ලට ගැනීමේදී රටේ විරැකියා අනුපාතය වසර 8 කදී පෙන්වූ ඉහළම අගයට ළඟා වී ඇත. එනම් එම වාර්තාවට අනුව කැනේඩියානුවන්ගේ විරැකියා අනුපාතය සියයට 6.8 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙහිදී ඔන්ටේරියෝව රටේ ඉහළම විරැකියා අනුපාතය පෙන්වා ඇති අතර විවෘත රැකියා අවස්ථා සංඛ්‍යාව වේගයෙන් පහත වැටීමේ ප්‍රමුඛත්වයද ඔන්ටේරියෝව ලබාගෙන ඇත.
2023 තුන්වන කාර්තුවේ සිට 2024 වසර අවසානය දක්වා ඔන්ටේරියෝව තුළ රැකියා පළකිරීම් සියයට 36.5 ක දැවැන්ත පහළ වැටීමක් පෙන්වයි. රැකියා උත්පාදනය කරන අහාරපාන කර්මාන්තය මෙන්ම පාරිභෝගික සේවා කර්මාන්තයද සියයට 40.4 කින් පහත වැටීමත් සිල්ලර වෙළඳසල් අඩු වෙමින් පැවතීමත් වැනි ප්‍රධාන පෙළේ සේවා බිඳ හැරීම් රාශියක් දක්නට ලැබෙන අතර මේවාට අනුබද්ධ රැකියාවන් රැසක් ජනතාවට අහිමි වෙමින් පවතී.
Share this Post