අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගනිමින් නීරීක්ෂණ සහ ඒකාබද්ධ ‘මර්දන බලකායක්’ ශක්තිමත් කිරීමටත් එක්සත් ජනපද දේශසීමාවේ පුළුල් ආරක්ෂක විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කිරීමටත් කැනඩාව කටයුතු කරමින් සිටී.
අක්‍රමවත් සංක්‍රමණිකයන් සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම වැළක්වීමට කැනඩාව සිය හවුල් දේශසීමාව සුරක්ෂිත නොකරන්නේ නම්, කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පනවන බවට ට්‍රම්ප් කළ තර්ජනයත් සමග කැනඩාව මෙම පියවර ගෙන ඇත. එවැනි තීරුබදු පැනවීමකින් කැනඩා ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.
දේශසීමා රැකවල සඳහා කැනඩාවේ සැලැස්ම පිළිබඳව නිවේදනය කළ මුදල් සහ අන්තර් රාජ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසූවේ, ෆෙඩරල් රජය මෙම සැලැස්ම සඳහා කැනේඩියානු ඩොලර් බිලියන 1.3 ක් වැය කිරීමට සූදානම් බවයි.
දේශසීමාව අතර ආරක්ෂාව දැඩි කිරීම පිළිබඳ නිවේදනය නිකුත් කරමින් LeBlanc අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ, මෙම පියවර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා යාමට සහ අක්‍රමවත් සංක්‍රමණයට එරෙහිව දේශසීමාව රැක ගැනීමට කරනු ලබන දෙයක් පමණක් බවයි. එයින් උතුරු ඇමරිකාවේ සශ්‍රීකත්වයේ හරය ලෙස සැලකෙන මිනිසුන්ට සහ භාණ්ඩවල රටවල් දෙක අතර එහා මෙහා යෑමේ නිදහස කිසිසේත් සීමා නොවන බව ඔහු පවසයි.
මෙම ආරක්ෂක සැලැස්මට ප්‍රධාන කොටස් පහක් ඇතුළත් වේ. Fentanyl ජාවාරම නැවැත්වීම, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උසස් මෙවලම්වලින් සන්නද්ධ කිරීම, එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සම්බන්ධීකරණය ඉහළ නැංවීම, තොරතුරු බෙදා ගැනීමේ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම සහ දේශසීමාවේ ගමනාගමනය දැඩිව නියාමනය කිරීම එම කොටස්වලට අයත් වේ.
මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා නීතිවිරෝධී දේවල් රටට ඇතුළු වන ස්ථානවල ඩ්‍රෝන, හෙලිකොප්ටර සහ ජංගම නිරීක්ෂණ කුළුණු භාවිතයෙන් ගුවන් නිරීක්ෂණ කටයුතු සිදුකිරීමටත්, අධි අවදානම් ප්‍රවේශ ස්ථාන සඳහා නව මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ මෙවලම් යොදා ගැනීමටත් යෝජනා වී ඇත.
මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා සුනඛ කණ්ඩායම් පුහුණු කිරීම සඳහා කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනයට අරමුදල් වෙන් කර ඇති අතර ‘ඒකාබද්ධ කැනඩා-එක්සත් ජනපද මර්දන බලකායක්’ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පුළුල් බලාත්මක ඒකක මෙම මෙහෙයුම සඳහා යොදාගැනීමට නියමිතව ඇත.
ඛැඊක්බජ නිවේදනයේ සඳහන් මෙම යෝජනා, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා යාම සහ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට ගලා ඒම පිළිබඳව ට්‍රම්ප් විසින් මතු කරන ලද ගැටළුවලට පිළිතුරු ලබා දෙනු ඇතැයි කැනඩාව අපේක්ෂා කරයි
Share this Post