2016 වසරේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඉලක්ක කොට ගනිමින් එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාර ජාලයක් සැලසුම් කළ බවට සැක පිට අත්අඩංගුවට පත්ව සිටි ඔන්ටාරියෝ මිසසාගාහි 19 හැවිරිදි තරුණයා වැරදිකරුවකු බවට එරට අධිකරණය තීන්දු කර ඇත. පසුගියදා පැවති නඩු විභාගයේදී මොහුද එම කුමන්ත්‍රණය කිරීමට සහයෝගය දුන් බවට වරද පිළිගෙන තිබුණි.

මෙහිදී මෙම කැනේඩියානු තරුණයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් එක් තරුණයෙකු පාකිස්තානයේ සිටි පුද්ගලයෙකුත් අනෙක් තැනැත්තා පිලිපීනයේ සිටි පුද්ගලයෙකුත් ලෙස හඳුනාගෙන ඇත. මේ තිදෙනා අතරින් මෙතෙක් දඬුවම් නියමව ඇත්තේ කැනේඩියානු තරුණයාට පමණි.

මෙම සැලසුමට අනුව නිව්යෝර්ක්හි ටයිම්ස් චතුරස්‍රය, නගරයේ උමං දුම්රිය පද්ධතිය ඇතුළු ප්‍රධාන මර්මස්ථාන රැසක් මොවුන්ගේ ඉලක්කය වී තිබී ඇත. මෙම කුමන්ත්‍රණය පිටුපස අයිසීස් ත්‍රස්තවාදීන් සිටින බව එක්සත් ජනපද බලධාරීන් පවසා සිටී.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!