පසුගිය වසර හා සැසඳීමේදී 2017 ජනවාරි මාසයේ ටොරොන්ටෝවේ නිවාස විකුණුම් සියයට 12 කින් ඉහළ ගොස් ඇති බව ටොරොන්ටෝ දේපළ වෙළඳාම් සංගමයේ (TREB) වාර්තාවක් පවසා සිටියි. එසේ විකුණුම් වේගය වැඩිවීමත් සමගම නිවාස මිල ගණන්ද ඛෙහෙවින් ඉහළ නැගි අතර ටොරොන්ටෝවේ නිවසක සාමාන්‍ය මිල ප්‍රතිශතය සියයට 22.3 කින් වැඩිවී තිබුණි. මෙම අගය සංඛ්‍යාත්මකව ඩොලර් 770,745 ක් ලෙස දැක්විය හැක.
MLS පද්ධතියට ඇතුළත්ව තිබූ GTA ප්‍රදේශයට අයත් නිවාස 5188 ක් මේ වසරේ ජනවාරියේදී අලෙවි වී ඇති අතර එය පසුගිය වසර හා සංසන්දනාත්මක බැලීමේදී 2016 ජනවාරියේදී අලෙවි වී ඇත්තේ නිවාස 4460 ක් පමණි.
නිවාස අලෙවිය මෙසේ ඉහළ ගොස් තිබුණද පසුගිය වසර හා සලකා බැලීමේදී මේ වසරේ ජනවාරි මාසය තුළ වෙළඳපොළට පැමිණි නිවාස සංඛ්‍යාවේ පැහැදිලි අඩු වීමක් දක්නට ලැබුණි. TREB වාර්තා හා සැසඳීමේදී 2016 වසරේ ජනවාරියේ නිවාස 8906 ක් වෙළඳපොළේ තිබී ඇති අතර මේ වසරේ එය 7338 දක්වා පහත බැස තිබුණි.
ටොරොන්ටෝව ඇතුළු තදාසන්න නගරවල තනි නිවාස (detached) මිල ගණන් විශාල ලෙස ඉහළ යෑමත් සමගම බොහෝ දෙනෙකු කොන්ඩොමිනියම් නිවාස වෙත යෑමේ ප්‍රවණතාවක් දක්වන බව දේපළ වෙළඳාම් සංගමය පවසා සිටී.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!