ඔන්ටාරියෝ රජයෙන් ඩොලර් මිලියන 300 ක දැවැන්ත ආයෝජනයක්

ගෝලීය බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, ඉදිකිරීම් අවසන් වූ පසු සමස්තයක් ලෙස ලොව විශාලතම න්‍යෂ්ටික බලශක්ති උත්පාදන මධ්‍යස්ථානය බවට පත්වීමට නියමිත කැනඩාවේ Bruce C නව න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියේ මූලික කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 300 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 220 කට අධික) දැවැන්ත ආයෝජන ගිවිසුමකට ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය එළඹ ඇත. මෙය කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තය තුළ වසර 30 කට වැඩි කාලයකට පසු ක්‍රියාත්මක වන පළමු මහා පරිමාණ න්‍යෂ්ටික ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වේ.
මෙම ඓතිහාසික ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත්තේ ඔන්ටාරියෝහි නිරිතදිග කලාපයට අයත් Bruce County හි Lake Huron වෙරළ තීරයේය. වඩාත් නිවැරදිව පවසන්නේ නම්, මෙය දැනටමත් එම වෙරළ තීරයේ සාර්ථකව ක්‍රියාත්මක වන Bruce Power බලාගාර පරිශ්‍රය තුළම, එහි නවතම ව්‍යාපෘතියක් ලෙස අලුතින් Bruce C නමින් ඉදිකිරීමට නියමිතය.
දැනට ක්‍රියාත්මක වන Bruce A සහ B ඒකකවලට අමතරව ඉදිකෙරෙන මෙම Bruce C ව්‍යාපෘතිය මඟින් පද්ධතියට එක්කිරීමට නියමිත මෙගාවොට් 4,800 ක අතිදැවැන්ත බලශක්තියත් සමඟ, සමස්ත Bruce Power සංකීර්ණයේ මුළු උත්පාදන ධාරිතාව මෙගාවොට් 11,300 ඉක්මවා යනු ඇත. එමඟින් වර්තමානයේ ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන ජපානයේ Kashiwazaki-Kariwa බලාගාරය (මෙගාවොට් 7,965) අභිබවා යමින්, සමස්ත Bruce Power පරිශ්‍රය ලොව විශාලතම න්‍යෂ්ටික බලශක්ති උත්පාදන මධ්‍යස්ථානය බවට පත්වනු ඇත.
ප්‍රාන්තයේ සමස්ත විදුලි වෙළෙඳපොළ සහ සැපයුම මෙහෙයවනු ලබන Independent Electricity System Operator (IESO) ආයතනය සහ Bruce Power සමාගම අතර මෙම පිරිවැය හවුල්කාරිත්ව ගිවිසුම අත්සන් තබා ඇත. මෙම අරමුදල් සෘජුවම ව්‍යාපෘතියේ මූලික පූර්ව-සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට නියමිතය. ඒ යටතේ දීර්ඝ කාලීන පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා සකස් කිරීම, ෆෙඩරල් රජයේ අවශ්‍ය බලපත්‍ර සහ අනුමැතීන් ලබාගැනීම, ඉංජිනේරු සැලසුම් නිර්මාණය සහ ප්‍රාදේශීය ස්වදේශික ප්‍රජාවන් සමඟ සාකච්ඡා කර එකඟතාවලට පැමිණීම වැනි අත්‍යවශ්‍ය මූලික අඩිතාලම දැමීම සිදු කෙරේ.
මෙමඟින් කැනේඩියානු ආර්ථිකයට ඩොලර් බිලියන 238 ක දායකත්වයක් ලැබෙන අතර, ඉදිකිරීම් කාලසීමාව තුළ වසරකට නව රැකියා 18,900 ක්ද, බලාගාරය ආරම්භ කිරීමෙන් පසු ස්ථීර රැකියා 6,700 ක්ද බිහිවනු ඇත. මෙම රැකියා ආර්ථික පසුබෑමකදී වුවද සුරක්ෂිත වන ‘ආර්ථික-ප්‍රතිරෝධී’ රැකියා වේ.
දැනට වෙන් කර ඇති ඩොලර් මිලියන 300 ක ප්‍රතිපාදන මඟින් පරිසර හා භූමි සූදානම් කිරීම්, First Nations ආදිවාසී ප්‍රජාවන් සමඟ සාකච්ඡා කිරීම සහ ශ්‍රම බලකාය සැලසුම් කිරීම වැනි පූර්ව ඉදිකිරීම් කටයුතු 2030 වසර වනවිට නිම කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වුවද, බලාගාරයේ මහා පරිමාණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ෆෙඩරල් රජයේ පාරිසරික සහ ආරක්ෂක අනුමැතිය (Impact Assessment) 2028 වසරේදී හිමිවීමට නියමිතය.
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ වත්මන් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50 ක්ම සපුරාලන්නේ න්‍යෂ්ටික බලශක්තියෙනි. කෙසේ වුවද, විද්‍යුත් වාහන භාවිතය ඉහළ යාම, කෘතිම බුද්ධි තාක්ෂණයන් සඳහා වන දත්ත මධ්‍යස්ථාන ව්‍යාප්ත වීම සහ මහා පරිමාණ කර්මාන්ත දියුණුව හේතුවෙන් 2050 වනවිට ප්‍රාන්තයේ විදුලි ඉල්ලුම සියයට 90 කින් පමණ ඉහළ යනු ඇත.
මෙම දැවැන්ත ඉල්ලුමට ස්ථාවර සහ අඩු පිරිවැය පිරිසිදු බලශක්ති විසඳුමක් ලබාදීම සඳහා කැනඩාව සිය දීර්ඝකාලීන බලශක්ති උපායමාර්ගයේ ප්‍රධානතම කොන්දේසිය ලෙස න්‍යෂ්ටික බලශක්තිය තෝරාගෙන තිබේ. පරිසරයට කාබන් මුදා නොහරින, දවසේ පැය 24 පුරාම ස්ථාවරව ලබාගත හැකි පිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස මෙම Bruce C ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු, මින් සැපයෙන බලශක්තියෙන් පමණක් නිවාස මිලියන 4.8 කට අවශ්‍ය විදුලිය සැපයෙනු ඇත.

