ඔන්ටාරියෝවේ රෝහල්වල රථ ගාල් විසින් අයකරනු ලබන ගාස්තු ඉතාමත් අධික වීම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිසද මුහුණ දෙන විශාල ගැටලුවකි. මේ පිළිබඳව අවධානය යොමු කළ ඔන්ටාරියෝ මහ ඇමතිනි කැත්ලීන් වේන් එම ගාස්තුව සියයට 50 කින් පහත දැමීමට පියවර ගෙන ඇත.
මෙම නව ගාස්තු ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන අතර මෙහිදී මෙම ගාස්තු අඩු වීම නිතර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට සහ නිතර රෝගීන් බැලීම සඳහා පැමිණෙන පිරිසට පමණක් අදාළ වේග එසේ පැමිණෙන පිරිස දිනකට ඩොලර් 10 කට වැඩි මුදලක් ගෙවන්නේ නම් මෙම නව ගාස්තුවට යටත් වනු ලැබේ.
ප්‍රතිකාර ලබා ගැනීමටත් තම ඥාති මිත්‍රාදීන් බැලීමටත් වසරකට ඔන්ටාරියෝවේ රෝහල් කරා ලක්ෂ 9 ක පමණ පිරිසක් පැමිණෙති. මේ පිරිස අතරින් 135ල000 ක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වේග මේ පිළිබඳවද රජය අවධානය යොමු කර ඇති අතර ඉදිරියේදී සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාද කොන්දේසි විරහිතව රථගාල් ගාස්තු අඩුකිරීම පිළිබඳව සලකා බලමින් සිටී.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!