හෘදයාබාධ පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති වේලාවක වුවත් හෘදයාබාධ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නොමැරී බේරීමට විශාල සටනක් කිරීමට හෘදයාබාධයට ලක් වූ තැනැත්තාට සිදු වෙයි.

හදවතේ ස්ඵන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහි නැති වීමට ආසන්න බවක් ඔබට දැනුණොත් එසේ සිහිය නැති වීමට පෙර තත්පර 10 ක පමණ කාලයක් ඔබට තිබේ.

කිසිවෙකුත් නැති විටෙක මෙවැනි හදිසි හෘදයාබාධයක් ඇති වුවහොත් තමාට පිහිට වීම තමා විසින්ම කර ගැනීමට හැකි බව බොහෝ දෙනෙක් නොදන්නා නිසා ජීවිත හානි සිදුවීම වැඩි වී තිබේ.

මෙහිදී සිහි තබාගත යුතු වැදගත්ම කාර්යය කලබල නොවීමයි. මෙවැනි විටෙක ඔබ කළ යුතු වන්නේ සිහිය විකල් කර නොගෙන සන්සුන්ව සිට හැකි තරම් කහින්නට පටන් ගැනීමයි. එසේ කහින සෑම අවස්ථාවකදීම ගැඹුරු හුස්මක් ගැනීම ඉතාමත් සුදුසු වේ. කහින විට දිගටම සහ ගැඹුරින් කහින්නට සිහි තබාගන්න. පෙනහළුවල සිරවූ යමක් පිටතට ගන්නට දරණ උත්සාහයක් සේ තදින් කහින්න.

ඔබ වෙත වෛද්‍යවරයෙකු ළඟා කරගන්නා තුරු හෝ හෘද ස්ඵන්දනය නැවත යථා තත්ත්වයට පත්වන තුරු ගැඹුරු හුස්ම ගනිමින් නොකඩවා කහින්න.

ගැඹුරු හුස්ම ගැනීමේදී අපේ පෙනහළු තුළට හොඳින් ඔක්සිජන් ගමන් කරන අතර කහින විට හෘදයට යම් තෙරපුමක් ලැඛෙයි. හදවතේ ක්‍රියාකාරිත්වය හා රුධිර සංසරණය නිවැරදිව සිදුවීමට ඉන් විශාල පිටිවහලක් ලැබේ. මෙහිදී ලැඛෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යාමට උපකාරී වේ.

මෙම ක්‍රමය ඔබ වෙත වෛද්‍ය ප්‍රතිකාරයක් ලැඛෙන තුරු ජීවිතය අවදානමින් මුදාගෙන පවත්වා ගැනීමට ඉතාමත් සුදුසු ක්‍රමවේදයක් වේ. ඔබ පමණක් නොව මෙම තොරතුරු ඔබ දන්නා සියල්ලන් වෙතත් ලබා දීම තුළින් හෘදයාබාධ මගින් ජීවිත හානි සිදුවන අවස්ථා අවම කර ගැනීමට හැකියාව ලැඛෙනු ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!