කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18)  25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ.

කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින වාර්තා වූ අතර 2021 ජනවාරි මාසය අග වන විට මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබුණි. මේ දක්වා කැනඩාවේ කොවිඩ්-19 මරණ අනුපාතය හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයන් 10,000 කට 6 දෙනෙකු මිය ගොස් ඇත.

ලෝකයේ සෙසු රටවල මෙන්ම කැනඩාව තුළද කොරෝනාවෛරස වසංගතයේ වැඩිම බලපෑම එල්ල වූයේ වැඩිහිටි පුද්ගලයන්ටයි. කොරෝනාවෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයන් 5 දෙනෙකු ගැන විමර්ශනය කළහොත් ඔවුන් අතරින් 4 දෙනෙකුම වයස අවුරුදු 70 ඉක්මවූවන් වේ. මෙසේ මියගිය වැඩිහිටියන් 5 දෙනෙකු ගෙන බැලුවහොත් ඔවුන් අතරින් තිදෙනෙකුම වැඩිහිටි නිවාසවල පදිංචිකරුවන් වේ.

Our World in Data පවසන ආකාරයට කැනඩාවේ කොවිඩ්-19 මරණ අනුපාතය ලෝකයේ 64 වන ස්ථානයේ පසුවේ.

මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ්-19 මරණ අනුපාතය සඳහන් වන රට වන්නේ හංගේරියාවයි. එරට තුළ පුද්ගලයන් 10,000 කට කොවිඩ්-19 මරණ 30 ක් වාර්තා වෙයි. එක්සත් රාජධානියේ(UK) පුද්ගලයන් 10,000 කට කොවිඩ් මරණ 18 ක්ද එක්සත් ජනපදය (USA) පුද්ගලයන් 10,000 කට කොවිඩ් මරණ 17 ක්ද වාර්තා වෙමින් පවතී.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!