[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469291490287-0b1773df-1a39-2″ include=”1165″][vc_column_text]

ඈත සංසාරේ

ඈත සංසාරේ
නිබඳ බැඳී ආ සබඳ කමක් විය
ඈත සංසාරේ....

ඈත සංසාරේ
සබඳ කමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ....

දුකට හඬා වැටෙනා බොල් අහසට
තනිය මකන ඉරබටු තරුවක් ලෙස
වැසි යදිනා ගිනි ලන වැලි කතරට
සිහිල ගෙනා මඳ නල රැල්ලක් ලෙස
ඈත සංසාරේ

නිබඳ බැඳී ආ සබඳ කමක් විය
ඈත සංසාරේ.....

භවෙන් භවය පැතු සුභ පැතුමක් නොව
යුගෙන් යුගය රැකි මහරු මිණක් නොව
තොළින් තොළඟ රැඳි හසරැල්ලක් නොව
අනන්තයක නැඟි දේදුන්නක් නොව
ඈත සංසාරේ
සබඳ කමක් නැත හමුවීමක් මිස
ඈත සංසාරේ

ඈත සංසාරේ.........

ගායනය - නිරංජලා සරෝජිනී
         රෝහණ වීරසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1469291490288-6b417044-2b69-6″ include=”1165″][vc_column_text]

මිනිස්කමට නම්බු නාම

මිනිස්කමට නම්බු නාම - දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන - වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන්

කල්පනා සොඳය මනුපුර - බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් - නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද - මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් - දනන්ගේ මුසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන් ....

පිල් හැලී හඬන මොණරුද - බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි - නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන - අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග - ඇවිද ගිය නිසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන් ....

ගායනය -  රෝහණ වීරසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post