රාධා ක්‍රිෂ්ණා රාමා සීතා 
කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
සාලිය මාලා ගාමිණී චීත්‍රා 
කිසි ලෙසකින් හෝ නොවෙමු අපි
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ 
ආදරයේ රන්කිරි කට ගෑ

පියවි ලොවේදී 
ඇතිවෙනතුරු අපි සිනාසෙමු
සිහින ලොවේදී 
රෑ තුන්යම අපි සිනාසෙමු
ගතින් නොබැඳුනත් 
දිවිය පුරා අපි සිනාසෙමු 

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා.....

අරුනළු සිඹ සිඹ 
සුර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ 
කොඳමල් සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද 
අප හද මල් නිති සිනාසෙතේ 

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා.....

අමරා රණතුංග

Share this Post