ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට සුව කර ගැනීමට හැකිවන නිසා මෙසේ වයස් සීමාව අවම කළ බවයි.
සෑම වසරකම ඔන්ටේරියෝනුවන් 12,000 කට ආසන්න සංඛ්‍යාවක් පියයුරු පිළිකාවට ගොදුරු වන බවත් මැමෝග්‍රෑම් පරීක්ෂාව නිරන්තරව කිරීමෙන් ජීවිත රැසක් බේරා ගත හැකි බවත් ඇය පවසයි. ඔන්ටේරියෝවේ සෑම වසරකම මැමෝග්‍රෑම් පරීක්ෂාවන් 130,000 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කරනු ලබයි.
මෙම නව වයස් නිර්ණයත් සමග වයස අවුරුදු 40-74 ත් අතර කාන්තාවන් ඇතුළු මැමෝග්‍රෑම් පරීක්ෂාව අවශ්‍ය සෙසු ලිංගික සංක්‍රාන්තිකයන්ට විශේෂඥ වෛi යොමු කිරීමක් නොමැතිව වසර දෙකකට වරක් මැමෝග්‍රෑම් පරීක්ෂාවකට යොමු විය හැක.
ඔන්ටේරියෝව මැමෝග්‍රෑම් පරීක්ෂාවන් අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට සීමා කිරීමත් සමග පළාත තුළ වයස අවුරුදු 40 – 50 දක්වා පිළිකා වැළඳුණු කාන්තාවන් දැඩි අසාධාරණයට ලක්විය. වයස අවුරුදු 44 ක් වූ  Sherry Wilcox ට පසුගිය වසරේදී පියයුරු පිළිකාවක් ඇතැයි හඳුනාගෙන ඇති අතර ඇය වයස අවුරුදු 40 සිටම මැමෝග්‍රෑම් පරීක්ෂාවක් සඳහා ඉල්ලුම් කර ඇතත් ඇයට එම සුදුසුකම ලැබී නොමැත.

Share this Post