[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478031127785-dc47cca0-0f31-6″ include=”2041″][vc_column_text]

මහ රෑ යාමේ

කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් පටින්..

මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා

වෙහෙස දරාගෙන
පාර අසාගෙන 
ආවෙමි අඳුරෙම ඔබව සොයා 

සීපද රාවේ සවනත වැටිලා 
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට 
හොඳ නෑ ඇයි එය නොසිතූවේ 

ඔබෙ සීපද මට හරි මිහිරියි 
මෝරන සෙනෙහස යයි ඉතිරී 
කියන්න සීපද රස කරලා

අහන්න ඒවා සැනසෙලා 

ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා 

අඳුරයි සුළඟයි අපව වටා 
තනි රකිනවා ආදරය සොයා 

දිවි ගංගාවේ 
ඔරුවයි හබලයි 
වාගේ නැළවෙමු සුවය පතා 

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග  
         මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - මර්වින් සේනාරත්න
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478031174649-327ec524-8d07-8″ include=”2041″][vc_column_text]

සඳක් සදිසි ලඳක්

සඳක් සදිසි ලඳක් නොවෙද 
ලැසි ගමනින් එන
අසන්නට හිතයි ඇයගෙන් 
වතගොත යන තැන

මුතු වරුසා වත සරසා 
මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ 
මොනවද ඔය හිසේ

ගියොත් කෙනෙකු යළිත් නො එන 
තැන ඇති කුඹුරක
පියා සීසායි මම බත 
ගෙන යමි හනිකට

සොහොන් බිම අසල කුඹුරක 
වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ 
කියන් කවුද කියා

පමාවේය හිමියනි මම 
ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙකු වේද 
ඒ නම මට හිමි

අමරා දේවී ඔබ අමරාදේවී
නැණවත් දේවී ඔබ අමරාදේවී

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග  
        මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - ස්වර්ණදාස හේරත්
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post