එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...
සංගණනයට සූදානම් වන්න !
කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...
Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !
ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත. සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...
කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි
ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට
කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...
දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න
ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස...
මුහුණු ආවරණ ඉවත් කළ හැකි දිනක්…..
සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය - Disease Control and Prevention (CDC) පවසයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් CDC ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව විශාල පිරිසක්...
18+ සියලුම ඔන්ටේරියානුවන්ට එන්නත
මැයි මස අවසන් සතිය වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම ඔන්ටේරියානු වැසියන් හට කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කරන බව ඔන්ටේරියෝ රජය පවසයි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එන්නත් තොග නොකඩවා ඉදිරි සතිවලදී කැනඩාවට ලැබෙනු ඇති බවට කැනඩා රජය විශ්වාසය...
Michael Garron රෝහලේ රෝගීන් වෙනත් රෝහල්වලට
ටොරොන්ටෝ Michael Garron රෝහලේ ඔක්සිජන් සැපයුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය තුළ එහි රෝගීන් 10 දෙනෙකු වෙනත් රෝහල් කරා මාරු කර යැවීමට පියවර ගෙන ඇත. ටොරොන්ටෝ ස්ටාර් පුවත් වාර්තාවලට අනුව මෙම රෝගීන් Sunnybrook හෝ St. Michael’s රෝහල් වෙත යවා ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ...
ඉතාලි රජය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් තුනකට සංචාරක තහනම් පනවයි
ඉන්දියාව තුළ නව කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඉන්දියාව ඇතුළු ඒ ආසන්නයේ පිහිටි බංගලාදේශ හා ශ්‍රී ලංකාව යන රටවල්වලට සංචාරක තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට ඉතාලි රජය කටයුතු කොට ඇත. මෙහිදී දකුණු ආසියාවේ මෙම රටවල් තුනෙහි සිට පැමිණෙන ඉතාලි...
Worst is yet to come ….
අද මෙම ලිපිය ලියන මොහොත වන විට කැනඩාව තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1435 ක් ලෙස සඳහන් වී ඇත. ඔවුන් අතරින් 21 දෙනෙකු මරණයට පත් වී ඇත. ඔන්ටේරියෝව 424, බ්‍රිටිෂ්කොළොම්බියාව 424, ඇල්බර්ටා 226, කුබෙක් 219 ආදි ආකාරයට රටෙහි පළාත් 10 න්ම සහ හුදෙකලා...
උතුරු ඇමරිකාවේ Romaine lettuce අවදානම
සලාද සඳහා යොදාගන්නා කොළ වර්ග අතරින් සුලභවම ආහාරයට ගනු ලබන Romaine lettuce නම් සලාද කොළ වර්ගය මගින් E.coli O157 නම් බැක්ටීරියා ආසාදනය හටගත හැකි බව කැනේඩියානු ආහාර පරීක්ෂක එ්ජන්සියත් (CFIA) කැනඩා මහජන සෞඛ්‍ය කාර්යාංශයත් (PHAC) අනතුරු අඟවා සිටී. පසුගිය නොවැම්බර්...
Canada Cannabis Day – ඔක්තෝබර් 17
ගංජා පරිභෝජනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල කෙරුණු ලොව දෙවැනි රට බවට පත් වෙමින්, 2018 ඔක්තෝබර් 17 කැනඩාව මෙරට ඉතිහාසයේ සුවිශේෂී පිටුවක් පෙරළනු ලැබුණි. කැනඩාව තුළ ගංජා නීත්‍යනුකූල කිරීම පිළිබඳව නොයෙක් මත, අදහස්, යෝජනා, චෝදනා මතු වුවත් 2015 දී...
GTA විශ්වවිද්‍යාල තුනක මූල්‍ය ප‍්‍රතිපාදන කපා දමයි
ඔන්ටේරියෝ රජය විසින් පළාත් විශ්වවිද්‍යාල තුනක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල් සහ ප‍්‍රතිපාදන අවලංගු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඔන්ටේරියෝහි දැනට පවතින ඩොලර් බිලියන 15 ක අයවැය හිඟය මත පළාත් රජයට නව ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයිය හැකි...
කැනඩා නීතිය ඉඩ දුන්නත් මවුරටෙන් ඉඩ නෑ !
කැනඩාව මරිජුවානා නීත්‍යනුකූල කිරීම ලෝකයේ සෙසු රටවලට අදාළ කරුණක් නොවුණත් එ් පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ ආසියානු කලාපයේ රටවල් තුනක් පිළිබඳව පසුගියදා වාර්තා විය. කැනඩාවේ මරිජුවානා නීත්‍යනුකූල කිරීමත් සමග මෙසේ කලබල වී ඇත්තේ ජපානය, චීනය සහ දකුණු කොරියාවයි....
















