කැනඩා රජය විසින් 2026-2028 වසර සඳහා නව ආගමන විගමන මට්ටම් සැලසුම (Immigration Levels Plan) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙයින් මෑත ඉතිහාසයේ කැනඩා ආගමන විගමන ප්‍රතිපත්තියේ සිදු වූ විශාලතම වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිතය.
2026 වසරේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන වෙනස්කම් මෙසේය:

ස්ථීර පදිංචිය (PR) සීමා කිරීම

මීට පෙර වසරකට 500,000ක් ලෙස පැවති PR ඉලක්කය රජය විසින් සැලකිය යුතු ලෙස අඩු කර ඇත. ඒ අනුව 2026 දී ස්ථීර පදිංචිකරුවන් 380,000 දක්වා අඩු කෙරේ.
මින් 64%ක්ම වෙන් කර ඇත්තේ ආර්ථීක සංක්‍රමණිකයන් (Economic Immigrants) සඳහාය (සෞඛ්‍ය සේවය, ඉදිකිරීම් වැනි අංශවල දක්ෂතා ඇති අය).

තාවකාලික පදිංචිකරුවන් (Temporary Residents) විශාල ලෙස අඩු කිරීම

කැනඩා ඉතිහාසයේ පළමු වතාවට තාවකාලික පදිංචිකරුවන් සඳහා නිශ්චිත සීමාවන් (Caps) හඳුන්වා දී ඇත.
2027 අවසානය වන විට කැනඩාවේ මුළු ජනගහනයෙන් තාවකාලික පදිංචිකරුවන්ගේ ප්‍රමාණය 5% දක්වා අඩු කිරීම මෙහි ඉලක්කය වේ.
2025 දී 673,650 ක් ලෙස පැවති තාවකාලික පදිංචිකරුවන්ගේ පැමිණීම් ඉලක්කය 2026 දී 385,000 දක්වා එනම් 43% කින් අඩු කර ඇත.

ජාත්‍යන්තර සිසුන් (International Students) සඳහා නව නීති

2026 දී ශිෂ්‍ය වීසා නිකුත් කිරීමේදී දැඩි සීමාවන් ක්‍රියාත්මක වේ.
අලූත් සීමාව: 2026 දී නිකුත් කරනු ලබන්නේ නව ශිෂ්‍ය වීසා 155,000 ක් පම‚ (මෙය පෙර වසරවලට වඩා 50% කට ආසන්න අඩුවීමකි).
විශේෂ සහනය: රජයේ විශ්වවිද්‍යාලවල Masterzs (පශ්චාත් උපාධි) සහ PhD (ආචාර්ය උපාධි) හදාරන සිසුන් මෙම සීමාවෙන් නිදහස් කර ඇත. ඔවුන්ට පළාත් සභා සහතික (PAL) අවශ්‍ය නොවේ. ක්ෂේත්‍ර සීමාවන්: කොලේජ් ඩිප්ලෝමා හදාරන සිසුන්ට PGWP ලබාගත හැක්කේ කැනඩාවේ ශ්‍රම වෙළඳපොලේ හිඟයක් පවතින (උදා: සෞඛ්‍ය, තාක්ෂණ, ඉදිකිරීම්) ක්ෂේත්‍රවලින් උපාධිය සම්පූර්ණ කළහොත් පමණි.

කැනඩාව තුළ සිටින අයට ප්‍රමුඛතාව

අලූතින් පිටරටින් පුද්ගලයන් ගෙන්වා ගන්නවා වෙනුවට, දැනටමත් කැනඩාව තුළ තාවකාලික වීසා මත සිටින අයට PR ලබා දීමට රජය වැඩි අවධානයක් යොමු කරයි.
In-Canada Transition: 2026 දී ලබා දෙන PR ප්‍රමාණයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් කැනඩාවේ සිටින සිසුන්ට සහ සේවකයින්ට ලබා දීමට සැලසුම් කර ඇත.
විශේෂ වැඩසටහන: දැනටමත් සේවය කරන තාවකාලික ශ්‍රමිකයින් 33,000 කට PR ලබා දීමේ විශේෂ වැඩසටහනක් 2026-2027 කාලය තුළ ක්‍රියාත්මක වේ.

ප්‍රංශ භාෂා ප්‍රවීණතාව

ක්විඛෙක් ප්‍රාන්තයෙන් පිටත ප්‍රංශ භාෂාව කතා කරන සංක්‍රමණිකයන් ප්‍රමාණය වැඩි කිරීමට රජය තීරණය කර ඇත.  සංක්‍රමණිකයන්ගෙන් 9% ක් ප්‍රංශ භාෂා ප්‍රවීණත්වය කරා ගෙන යෑම මෙහි ඉලක්කය වේ. (මෙය 2028 වන විට 10.5% දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත).
මෙම නව සංක්‍රමණික නීති රෙගුලාසි මගින් කැනඩාවේ පවතින නිවාස හිඟය, සෞඛ්‍ය සේවා පීඩනය සහ ජීවන වියදම ඉහළ යාම පාලනය කිරීම සඳහා ජනගහන වර්ධනය තාවකාලිකව මන්දගාමී කිරීමට රජය අපේක්ෂා කරයි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!