[vc_row][vc_column][vc_column_text]

මිල දී ගන්නා නිවසේ  කිසිදු හිරිහැරයකින් තොරව, සුවෙන්, සතුටින් වාසය කිරීම ඔබ සැමගේම බලාපොරොත්තුව වෙයි. එහෙත් ඇතැම් විට නොදැනුවත්කම නිසා හෝ නොසැලකිල්ල නිසා සිදුකරගන්නා වැරදිවලින් බොහෝ විට නිවැසියන්ගේ මානසික සුවය පමණක් නොව ආර්ථීකයද දෙදරා යා හැකියි. මෙවර අප සාකච්ඡා කරනු ලබන්නේ සෑම නිවසකම ඇති එහෙත් බොහෝ දෙනා හරිහැටි තොරතුරු නොදන්නා බේස්මන්ට් නිවස්න පිළිබඳවයි.

බේස්මන්ට් යනු

නිවසක පොළව මට්ටමට යටින් පිහිටා ඇති කොටස  Basement ලෙස හැඳින්වෙන බව අප කවුරුත් දන්නා සරල කරුණකි. මෙම කොටස නවාතැනක් ලෙස භාවිත කිරීමේදී එය Basement Apartment ලෙසින් හැඳින්වේ. කැනඩාවේ සමස්ත නිවාස සංඛ්‍යාවෙන් 98% කටත් අධික ප්‍රමාණයක බේස්මන්ට් කොටසක් ඇත. මෙහි මා 98% ක් ලෙස දක්වා තිබුණත් ඉතිරි 2% හිද මතුපිටට නොපෙනුණද ගුහාවක් මෙන් බේස්මන්ට් කොටසක් පවතින බව හොඳින් පරීක්ෂා කොට බැලූවහොත් ඔබට වැටහෙනු ඇත.

කැනඩාවේ ඇති සෑම නිවසක්ම මේ ආකාරයෙන් බේස්මන්ට් කොටසක් සහිතව ඉදිකිරීමට බලපා ඇති ප්‍රබලම හේතුව මෙරට පවතින අධික ශීත දේශගුණික තත්ත්වයයි. ඍජුවම පොළව හා සම්බන්ධ වන ලෙස නිවාස සෑදුව හොත් තද ශීත දේශගුණයකදී ඒවායෙහි වාසය කිරීම දැඩි පීඩාවක් ගෙන දෙන්නක් මෙන්ම නිවාසවල කල් පැවැත්මටද එය හානිදායක වේ. ඈත අතීතයේ සිට මේ ආකාරයට අඩි කීපයක් පොළව හාරා එම හෑරූ මට්ටමට කොන්ක්‍රීට් අත්තිවාරමක් දමා ඒ මත නිවාස ඉදිකිරීම සිදුකර තිඛෙන බව එම තොරතුරු සොයා බැලීමේදී පෙනී යයි. මුල් කාලයේදී මෙම කොටස වාසස්ථානයක් ලෙස යොදාගෙන නැති අතර එය මුළුමනින්ම වෙන් කර තිබී ඇත්තේ ආහාර ගබඩා කිරීම සඳහා පමණි. ග්‍රීෂ්ම ඍතුවේදීද බේස්මන්ට් තුළ පවතින ශීතල නිසා මෙම තත්ත්වය වඩාත් පහසු වී ඇති බවක් පෙනේ. මස්, මාළු වර්ග, ධාන්‍ය වර්ග, එළවළු පළතුරු හා වයින් වර්ග මෙම ගබඩාවල නිරතුරුව තිබී ඇත. ටොරොන්ටෝ නගරාසන්නයේ (Downtown)  පිහිටි ඇතැම් පැරණි නිවෙස්වල මේ පිළිබඳව සාක්ෂි සපයන නෂ්ටාවශේෂ දැනුදු ඉතිරිව තිබේ.

පසුකාලීනව  බේස්මන්ට් කොටස ඉදිකිරීමේදී ශීතලෙන් වැළකීම මෙන්ම තවත් කරුණු කීපයක් පිළිබඳවද අවධානය යොමු කර ඇති ආකාරයක් දක්නට ලැබේ. ඒවා නම්,

  • නිවසෙහි ඉඩකඩ වැඩිකර ගැනීම – නිවස තරම්ම වර්ග අඩි ප්‍රමාණයක් බේස්මන්ට් කොටසෙහිද ඇති නිසා පහසුවෙන්ම එය වාසය සඳහා භාවිත කළ හැකි වෙයි.
  • උපාංග සවිකිරීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබාගත හැකි වීම – Furnaces, water heaters, laundry space, electrical services, plumbing, ducts වැනි උපාංග නිවැසියන්ට අවහිරයක් නොවන ලෙස බේස්මන්ට් කොටසෙහි සවි කිරීමටත් අලුත්වැඩියා කටයුතුවලදී පහසුවෙන් එය සිදුකිරීමටත් ඇති හැකියාව.
  • ග්‍රීෂ්ම කාලයේදී ලැඛෙන ශීතල – බේස්මන්ට් කොටස ග්‍රීෂ්ම කාලයේදීද සිසිලෙන් යුක්ත නිසා වායුසමීකරණවල අවශ්‍යතාව නොදැනේ.
  • අමතර ආදායම් මාර්ගයක් ලෙස – බොහෝ නිවෙස්වල මෙම කොටස කුලියට දීම තුළින් අමතර ආදායමක් උපයා ගනු ලබයි.

බේස්මන්ට් කොටස සහිතව නිවාස ඉදිකිරීම කැනඩාවට පමණක් ආවේණික වූවක් නොවේ. ශීත දේශගුණය සහිත යුරෝපා රටවල මෙන්ම ඇමරිකාවේ බොහෝ පළාත්වලද මේ ආකාරයේ බේස්මන්ට් සහිත නිවාස දක්නට ලැබේ. ඇතැම් පළාත්වල ඇතිවන අධික ටෝර්නැඩෝ, භූමිකම්පා ආදි තත්ත්වයන්වලදී ඒවායින් ආරක්ෂා වීම සඳහාද බේස්මන්ට් කොටස මහත් පිටුවහලක් සපයනු ලබයි.

බේස්මන්ට් වර්ග

සාමාන්‍ය ව්‍යවහාරයේ පොළොව මට්ටමට යටින් පිහිටා ඇති කොටස පොදුවේ බේස්මන්ට් ලෙස හැඳින්වුවද වර්ග වශයෙන් බේස්මන්ට් ඛෙදෙන ආකාර රැසක් ඇත.

  • Walk-out basement
  • Look-out basement
  • Walk-up basement
  • Cellar
  • Crawl space

යන ආකාර රැසකින් බේස්මන්ට් කොටස නිමකර ඇත.

Walk-out Basement

Walk-out

බොහෝ විට ඉඩමේ පිහිටීම අනුව මෙබඳු බේස්මන්ට් ඉදිකර ඇත. උදාහරණයක් ලෙස, බෑවුම් සහිත ඉඩම්වල ඉදිකළ නිවෙස්වල Walk-out බේස්මන්ට් දක්නට ලැබේ. 1960 දශකයේ පමණ කැනඩාව Walk-out 1තුළ වෝක්-අවුට් බේස්මන්ට් තැනීම ආරම්භ වී ඇත.

වෝක්-අවුට් බේස්මන්ට්වල එක් කොටසක් පොළව මට්ටමට යටින්ද අනිත් කොටස පොළව මතුපිටද පිහිටා තිබීම විශේෂත්වය වේ. ඇතැම් නිවෙස්වල මෙම  වෝක්-අවුට් කොටසටත් පහළින් පොළව යටට හාරා තවත් මට්ටමක් තනා තනිකරම පොළව යට ඇති බේස්මන්ට් කොටසක්ද සාදා ඇති අයුරු දක්නට ලැබේ.

බොහෝ Walk-out බේස්මන්ට්වල පිටුපස කොටසින් පිටතට යා හැකි ආකාරයේ දොරක් පිහිටා ඇති අතර පොළව මට්ටමෙන් උඩ පිහිටි කොටසෙහි සාමාන්‍ය උසින් යුතු ජනෙල් දොරවල් සවිකර ඇති ආකාරයක් දක්නට ලැබේ.

Look-out Basement

Lookout

මේ ආකාරයේ බේස්මන්ට් සම්පූර්ණයෙන්ම පොළව මට්ටමට යටින් ඉදිකර නොමැති අතර බිත්ති පොළව මට්ටමට මඳක් ඉහළට පැමිණ ඇති අයුරු දක්නට ලැබේ. එම නිසා බේස්මන්ට් එකෙහි සවි කර ඇති ජනෙල්ද පොළව මට්ටමට මඳක් ඉහළින් පිහිටා ඇත. ඒ නිසාම මෙවන් බේස්මන්ට් daylight basement ලෙසද හඳුන්වනු ලබයි. GTA බහුතරයක් නිවාස Look-out basement සහිතව ඉදිකර ඇත.

Walk-up Basement

Walk up

ගොඩනැගිල්ලට පිට පැත්තෙන් පිහිටි පඩිපෙළකින් බැස යා හැකි අන්දමේ සියලූම බේස්මන්ට් Walk-up basementලෙස හැඳින්වේ. වෝක්-අප් බේස්මන්ට් බොහෝ විට පොළව මට්ටමට යටින් සාදා තිඛෙනු දක්නට ලැබුණත් ඉඩමෙහි පිහිටීම අනුව මෙය වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස බෑවුම් සහිත ඉඩමක වෝක්-අප් බේස්මන්ට් කොටස තරමක් පොළව මට්ටමෙන් උඩට මතුව තිබිය හැකියි. බොහෝ විට බැහැරට යෑමට දොරක් රහිතව ඉදිකර තිබූ බේස්මන්ට් සඳහා පසුව දොරක් යෙදීමේදී මේ ආකාරයෙන් පොළව හාරා පඩිපෙළක් යොදා දොර සවිකර ඇති ආකාරය දක්නට ලැබේ.

Cellar Basement

cellar basment

මෙම වචනයෙහි සරල තේරුම බිම්ගෙය, උමං ගෙය, බිම් ගබඩාව ලෙස දැක්වේ. තනිකරම පොළව යට පිහිටා ඇති Cellar බේස්මන්ට්, වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අඳුරු ගුහාවකි. දහවලේදී පවා විදුලි ආලෝකය ලබාදීමෙන් තොරව Cellar තුළ එළියක් දැකගත නොහැක. ඇතැම් Cellar හි ඉතාමත් කුcellar basment 2ඩා(ගඩොල් කැටයක ප්‍රමාණයේ) කවුළු තබා තිබුණද ඒවායින් නිසි ලෙස ආලෝකයක් නොලැබේ.

Cellar බේස්මන්ට් සහිත නිවාස GTA අවට මේ වන විට දක්නට නොලැඛෙතත් මුහුදුබඩ පළාත් හා ගම්බද පළාත්වල පිහිටි පැරණි නිවෙස්වල මේ ආකාරයේ බේස්මන්ට් දැකගන්නට ලැබේ. බොහෝ විට මෙම Cellar බේස්මන්ට් සෑදීමේදි ශීත ආරක්ෂණ (insulation) යොදා නොගෙන රළු ආකාරයෙන් නිම කොට ඇති බව පෙනී යයි. ඒ අනුව නවීන බේස්මන්ට් තුළ Cold room ලෙසින් ඇති කොටස අතීත Cellar හි පරිණාමයක් බව සිතිය හැකිය.

Crawl space

crawl-space

අඩියක පමණ උසකින් යුක්තව ඉදිකොට ඇති බේස්මන්ට් කොටසක් මෙනමින් හැඳින්වේ. මෙය සම්පූර්ණයෙන්ම පොළව මට්ටමෙන් යට පිහිටා ඇත. Crawl space සහිත ඇතැම් නිවාසවල සාමාන්‍ය බේස්මන්ට් කොටසක් දක්නට නොලැඛෙන අතර ඇතැම් ඒවායෙහි මෙම කොටස සමග සාමාන්‍ය ආකාරයේ බේස්මන්ට් කොටසක්ද දක්නට ලැබේ. කෙසේ වුවත් මෙම Crawl space කොටස වාසය සඳහා භාවිතයට ගත නොහැක. Crawl spaceබොහෝ විට Crawl space කොටස තුළින් ජල නළ, කසල නළ ආදිය ගෙන යා හැකි වුවත් උසින් අඩු නිසා මෙහි වෙනත් උපාංග සවි කිරීමේ ඉඩකඩ සීමිත වේ. Crawl space හි ඇති හිස් අවකාශය තුළ පුස් (mould) එකතු වීමේ අවදානමක් ඇති නිසා නිරතුරුව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙයි. මෙම Crawl space සහිත නිවාස ඉදිකිරීම සඳහා යන වියදම වෙනත් සාමාන්‍ය බේස්මන්ට් සහිත නිවාසවලට වඩා අඩු අගයක් ගනී.

Finished & Unfinished basement

ඉහත අප විස්තර කළ කරුණුවලට අනුව කැනඩාවේ සෑම නිවසකම ‘බේස්මන්ට්’ කොටසක් පවතින බව ඔබට පැහැදිලි වන්නට ඇත. වසර 5 කට වඩා පැරණි බොහෝ නිවෙස්වල මෙම බේස්මන්ට් කොටස මනා ලෙස සකසා නිම කර ඇති ආකාරයත් (finished basement) වසර 0-5 දක්වා වූ ඇතැම් නිවෙස්වල බේස්මන්ට් කොටස එසේ නිම නොකර සැකිල්ලක් ලෙස තබා ඇති ආකාරයත් (unfinished basement) ඔබ දැක ඇත. අලූතින් සෑදූ නිවසක බේස්මන්ට් කොටස මේ ආකාරයෙන් නිමා නොකර තබා ඇත්තේ ඇයිද යන්න පිළිබඳව මඳක් සොයා බලමු.

කැනඩාව වසරක් තුළ දේශගුණ විපර්යාස රැසකට භාජන වන රටක් බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. එහිදී මතුපිටින් දිස්වන වෙනස්වීම් මෙන්ම භූගතවද බොහෝ වෙනස්කම් ඇති වීම සාමාන්‍ය තත්ත්වය වේ. මෙවර ශීත ඍතුවත් සමග හටගෙන ඇති ice quake තත්ත්වය ඊට හොඳම නිදසුනකි.

දේශගුණ වෙනස්වීමත් සමග ඇතිවන වෙනස්කම් අලුතින් නිමා කළ නිවෙස් වෙත දැනෙන ප්‍රමාණය පැරණි නිවෙස්වලට වඩා ඛෙහෙවින් වැඩි වේ. පැරණි නිවෙස් වර්ෂ ගණනක සිට සිදුවන වෙනස්කම් හා ගැටෙමින් පදම් වී තිබීම මෙයට හේතුව වේ. අලුතින්ම සෑදූ නිවෙස්ද ඒ ආකාරයෙන් පදම් වී නිශ්චිත ලෙස තැන්පත් වීමට යම් කාලයක් ගනු ලබයි. ඇතැම් අවස්ථාවල එම තැන්පත් වීමේදී   (settle) ඇතිවන බලපෑම් ඍජුවම පෙන්නුම් කරන ප්‍රධාන ස්ථානය බේස්මන්ට් කොටස වේ. ඉරි තැලීම්, පිපිරීම් ආදිය මෙන්ම ජලය කාන්දු වීම් ආදියද නිමා නොකරන ලද බේස්මන්ට් කොටසකදී නිරීක්ෂණය කිරීම ඉතා පහසු වේ.

බොහෝ විට නව නිවසක් මිල දී ගැනීමේදී ගොඩනැගිලි ඉදිකරන ආයතනය (builders) හා අත්සන් කරනු ලබන ගිවිසුම්වල ‘වසර 2 ක් යන තෙක් බේස්මන්ට් කොටස නිමා කළ නොහැක’ යන්න පැහැදිලිව දක්වා ඇත.

එසේ රීතිමය වගන්තියක් සහිතව පැහැදිලිව දක්වා ඇති වගන්තිය මගින් ඔබව කීප ආකාරයකින්ම ආවරණය කරනු ලබයි. වසර කීපයක් සඳහා නව නිවෙස් සඳහා ලබාදෙන Tarion Warranty ටද මෙම බේස්මන්ට් නිමා කිරීම ඍජුවම බලපෑම් එල්ල කරනු ලබයි. යම් හෙයකින් වසර දෙකකට පෙර බේස්මන්ට් කොටස නිමා කළහොත් Tarion බලපත්‍රයෙහි වලංගු භාවය අහෝසි වීමට වුවත් හැකියාව ඇත.

 

සෞඛ්‍යයට හිතකර අයුරින් බේස්මන්ට් එකක් තබාගැනීම සහ නීත්‍යනුකූල සහ නීතිවිරෝධී බේස්මන්ට් නිවස්න පිළිබඳව ලබන කලාපයෙන් සාකච්ඡා කරමු.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Gamini

Gamini Abeysinghe – ABR, Certified Negotiation Expert
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි
බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post