[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477875940571-794507a1-ef54-7″ include=”1964″][vc_column_text]

සැණකෙළියේ සඳ එළියේ

සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි

නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ
හිරිමල් යොවුන් විලාසේ
දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ
සමනළ ගමන් ලතාවේ

සැණකෙළියේ සඳ එළියේ...

මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
කාගෙද කවුදෝ දන්නේ
ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ
අද රෑ විනෝද වන්නේ

සැණකෙළියේ සඳ එළියේ...

නෑ කිසි දුකක් සිතේ 
සීතල පවන් වැදේ
සැණකෙළියේ සඳ එළියේ...

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - සිරිල් ඒ සීලවිමන

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477875940573-08dcfd27-f079-3″ include=”1964″][vc_column_text]

සඳ එක් දිනක් 

සඳ එක් දිනක් - තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් - තනි වී සිතින්
සිටියා බලා සඳ එයි කියා

සඳ එක් දිනක් - තරු හා බිඳී......

ඔබ එන්නේ කවදෝ
සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් - තරු හා බිඳී......

අප අතරේ මතු සසරේ
සිත ළං වේවා
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා

සඳ එක් දිනක් - තරු හා බිඳී......

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන 
පද රචනය - ෂෙල්ටන් වීරරත්න

 [/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477875940574-2bd51532-5504-4″ include=”1964″][vc_column_text]

රහසේ හඬනා අප හැඟුම්

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
පිණි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී  
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්...

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
         නීලා වික්‍රමසිංහ

[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1477875940575-00b4c2b3-c56d-10″ include=”1964″][vc_column_text]

ගමෙන් ලියුමක් ඇවිල්ලා

ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ

පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලජ්ජයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා..........

ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා..........

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන

[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!