clerence











ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ

පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා
හරිම සිරියාවයි
තවත් ආරංචි ගොඩයි
ලියන්නට ලජ්ජයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා..........

ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා..........

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!