අද (27) සවස GTA ඇතැම් ප්‍රදේශවල ඇති වූ කුණාටුවත් සමගම ටොරොන්ටෝ ඩවුන් ටවුන් කලාපය තුළ ගංවතුර තත්ත්වයක් හට ගැනුණි. මේ පිළිබඳව කාලගුණ අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවත් සති මැද දිනයක් වූ අද නගරයේ ඉතාමත් කාර්යබහුලම වෙලාවක හටගත් කුණාටු තත්ත්වයත් සමගම බොහෝ දෙනෙකු දැඩි පීඩාවට පත්වී සිටින ආකාරය දක්නට ලැබුණි.

මේ ආකාරයේ ගිම්හාන කුණාටු ටොරොන්ටෝවට ආගන්තුක නොවන අතර 2012 දී මීට වඩා විශාල කුණාටු තත්ත්වයක් නිසා ටොරොන්ටෝවේ නගර රැසක් යට වීමට ලක් වුණි. අද හට ගත් ගංවතුර තත්ත්වය නිසා යූනියන් දුම්රිය පොළ අසළ ඇති සිම්කො මග බරපතල ලෙස යට වී තිබුණි.

මේ අතර අද හටගත් හදිසි කුණාටු තත්ත්වයත් සමග GTA හි දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය බිඳ වැටීමෙන් පීඩාවට පත් වීමට සිදුවිය.

 

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!