රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත.

එක මාත්‍රාවක් පමණක් එන්නත් ලබා ඇති පුද්ගලයන් සඳහා යම් තරමකට සීමාවන් ලිහිල් කර ඒ සඳහා මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට Health Canada අදහස් කරයි.

ඒ අනුව එක් මාත්‍රාවක් ලබා ඇති අයට එළිමහන් ක්‍රියාකාරකම්වලට (outdoor activities such as camping, hiking, picnics, and patios) සහභාගි වීමේ අවස්ථාව හිමිවනු ඇත.

සියයට 75 ක් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් පසු බොහෝ දුරට සීමාවන් ඉවත් කරගැනීමට හැකිවනු ඇතැයි Health Canada විශ්වාස කරයි. සියයට 75 ක් පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබාගත් පසු පාසල්, විශ්වවිද්‍යාල, ගෘහස්ත ක්‍රීඩාගාර ආදිය විවෘත කරගැනීමට හැකියාව ලැබෙතැයි රජය අපේක්ෂා කරයි. නමුත් රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කරන තුරු මුහුණු ආවරණ පැළඳීම සහ දෑත් පිරිසිදු කිරීම වැනි මූලික සෞඛ්‍ය පුරුදුවලින් ඉවත් වී සිටීම සුදුසු නොවන බව කැනඩාවේ නියෝජ්‍ය ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී  Dr. Howard Njoo පවසයි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!