පසුගිය කාලයේදී සිදුවූ අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සටහන් කොට ඇති පොලිස් වාර්තා පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේදී කැනඩාව තුළ අපරාධවල සැලකිය යුතු ඉහළ යෑමක් පවතින බව  The national Crime Severity Index (CSI) පෙන්වා දේ. මෙම වාර්තාව සකස් කරනු ලබන ෆෙඩරල් ඒජන්සිය පවසා සිටින්නේ කැනඩාවේ අපරාධ වර්ධන වේගය  2014 සිට 2015 දක්වා සියයට 5 න් ඉහළ ගොස් ඇති බවයි.

මෙහිදී ඇල්බර්ටා ප්‍රදේශයේ අපරාධ වර්ධන වේගය සියයට 18 කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය අවුරුදු 12 ඇතුළත එම ප්‍රදේශයෙන් වාර්තා වූ ඉහළම අපරාධ වැඩිවීමේ වේගය මෙය බව පැවසේ.

බ්‍රිටිෂ්කොලොම්බියා, ඔන්ටේරියෝ සහ සස්කැච්චන් ප්‍රදේශවලද අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙන අතර කැනඩාවේ පළාත් සහ භූමි ප්‍රදේශ (territories) 13 අතරින් 8 කම අපරාධ ක්‍රියා වැඩිවීමක් දක්නට ලැබෙන බව  CSI දත්ත සටහන අනුව පෙනී යයි.

කැනඩාවේ 33 වෙනි ජන සංගණනය පෙන්වා දෙන අන්දමට කැනඩාවේ නාගරික ප්‍රදේශ 20 ක පමණ අපරාධ අනුපාතිකය ඉහළ ගොස් ඇත. එය සංඛ්‍යාත්මකව පැවසුවහොත් කැල්ගරි සියයට 29 කින්ද, මොන්ක්ටන් සියයට 20 කින්ද, වික්ටෝරියා සියයට 16 කින්ද, එඩ්මන්ටන් සියයට 16 කින්ද ආදි ලෙසින් මෙම අපරාධ අනුපාතිකයන් ඉහළ ගොස් ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!