1981 හෝ ඊට පෙර ඉපදුණු සියලුම ඔන්ටේරියෝ වැසියන්ට කොවිඩ්-19 එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව අද (13) සිට ලැබේ. ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත. උදෑසන 8 සිට විවෘත වන මෙම අවස්ථාව අන්තර්ජාලය මගින් හෝ දුරකථන මාර්ගයෙන් ඔබ අයත් ප්‍රදේශයේ එන්නත් සායනවලින් වෙන් කරවාගත හැක.

මේ වන විට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති අධි අවදානම් කලාපවල පසුවන පුද්ගලයන් සඳහා දෙවන මාත්‍රාව වෙන් කරවා ගැනීමේ අවස්ථාව මේ සතිය අගදී විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

ඔන්ටේරියෝව තුළ එන්නත් ලබාදීම පිළිබඳ ඇති දත්ත වාර්තාවලට අනුව බදාදා (12) රාත්‍රි 8.00 වන විට එන්නත් මාත්‍රා  6,491,666 ක් ලබා දී ඇත. මේ අතරින් 400,000 කට වැඩි පිරිසකට එන්නත් සම්පූර්ණ මාත්‍රා ලැබී ඇත. පසුගිය දින තුන තුළ දිනකට එන්නත් මාත්‍රා 140,000 බැගින් ලබා දීමට ඔන්ටේරියෝ පළාත් සෞඛ්‍ය අංශ කටයුතු කොට ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!