කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු ඔන්ටේරියෝ පළාත නැවත විවෘත කිරීමේ සැලැස්මේ දෙවන පියවර ජූනි 30 වන දා සිට ආරම්භ කරන බව රජය පවසයි. පළාත විවෘත කිරීම සම්බන්ධව ගත් මූලික තීරණවලදී ජූලි මස 02 දා සිට දෙවන පියවර වෙත යාමට නියමිතව තිබුණත් දිනෙන් දින වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව අඩු වීමත් සමග දෙවන පියවර මෙසේ දින දෙකකින් ඉදිරියට ගෙන ඒමට රජය තීරණය කොට ඇත.‍ නමුත් මෙහිදී Waterloo කලාපය දෙවන පියවර සඳහා ජූනි 30 වන දා විවෘත නොකරන බව රජය පවසයි. එම පළාත තුළ කොවිඩ්-19 වසංගතයේ ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය වැඩි වීම නිසා මෙසේ දෙවන පියවර වෙත නොයන බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත.

මෙසේ දෙවන පියවර වෙත යාමේදී පළාත තුළ කොවිඩ්-19 වසංගතයට එරෙහි එන්නත ලබා දී ඇති ප්‍රමාණය පිළිබඳව දැඩි අවධානය යොමු කොට තිබුණි. එහිදී අවම වශයෙන් එන්තත එක් මාත්‍රාවක් ලබාගත් වැඩිහිටියන්ගේ සංඛ්‍යාව සියයට 70 ක් සහ එන්නත මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන් සංඛ්‍යාව සියයට 20 ක් වත් ඉක්මවිය යුතු බව රජය සඳහන් කරනු ලැබුණි. ඒ අනුව ඔන්ටේරියෝ පළාත පසුගිය බදාදා (23) නිකුත් කර ඇති දත්තවලට අනුව වයස අවුරුදු 18 වැඩි ඔන්ටේරියෝනුවන් සියයට 76 කට වැඩි පිරිසකට එන්නතෙහි පළමු මාත්‍රාව ලැබී ඇති අතර සියයට 29 කට වැඩි ප්‍රතිශතයක් එන්නත මාත්‍රා දෙකම ලබා ඇත. මෙම සාධක සියල්ල සලකා බැලීමෙන් පසු ඔන්ටේරියෝව දෙවන පියවර සඳහා විවෘත කිරීම මේ ආකාරයට දින දෙකකින් ඉදිරියට ගෙන ඇත.

කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම මේ ආකාරයට දිගින් දිගටම අඩු වුවහොත් සහ එන්නත් කිරීමේ වේගය ඉහළ මට්ටමක පවත්වාගත හැකි වුවහොත් ඔන්ටේරියෝව නැවත විවෘත කිරීමේ 3 වන පියවරටද කලින් සැලසුම් කළ දින වකවානුවලට පෙර යාමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ඔන්ටේරියෝව නැවත විවෘත කිරීමේ 2 වන පියවරෙන් අවසර ලැබෙන අවස්ථා

  • Outdoor social gatherings and organized public events with up to 25 people
  • Indoor social gatherings and organized public events with up to five people
  • Essential and other select retail permitted at 50 per cent capacity
  • Non-essential retail permitted at 25 per cent capacity
  • Personal care services where face coverings can be worn at all times can resume at 25 per cent capacity
  • Outdoor dining with up to six people per table, with exceptions for larger households
  • Indoor religious services, rites, or ceremonies, including wedding and funerals, permitted at up to 25 per cent capacity per room
  • Outdoor fitness classes limited to the number of people who can maintain three metres of physical distance
  • Outdoor sports without contact or modified to avoid contact, with no specified limit on number of people or teams participating, with restrictions
  • Overnight camps for children operating in a manner consistent with the safety guidelines produced by the Office of the Chief Medical Officer of Health
  • Outdoor sport facilities with spectators permitted at 25 per cent capacity
  • Outdoor concert venues, theatres and cinemas, with spectators permitted at 25 per cent capacity
  • Outdoor horse racing and motor speedways, with spectators permitted at 25 per cent capacity
  • Outdoor fairs, rural exhibitions, festivals, permitted at 25 per cent capacity and with other restrictions

Share this Post