උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත්වුණු දවසක
සැනසෙන එක සැන්දෑවක

මුහුදු කොනේ – සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය – ලෝ දිය වැස්සේ

කිරිසල් කිරි උඳුම්බරා
සිනා කඳුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා……….
හඳුනාගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම එක හුස්මක
ඉපදෙනවා ගිනි රශ්නය
සීතලෙන්
හඳුනාගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උඳුම්බරා…….
කඳුළු සලයි

ගායනය – ටී. එම්. ජයරත්න / සුනිලා අබේසේකර / අයිවෝ ඩෙනිස් ඇතුළු පිරිස

සංගීතය – ප්‍රේමසිරි කේමදාස

පද රචනය – ඩබ්ලිව්. ජයසිරි

Share this Post