අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ  කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ කොවිඩ්-19 ධනාත්මක අනුපාතය (positivity rate) 7.6 ක් ලෙස දැක්වේ.

අද දින ඔන්ටේරියෝ පළාතෙන් කොවිඩ්-19 මරණ 17 ක් වාර්තා වී ඇත.

Share this Post