අද (නොවැ 3) හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කරන ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 10.40 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා ගාන්ධර්ව වරයාණන් වූ පණ්ඩිත් අමරදේව සූරීන් මිය යන විට 88 හැවිරිදි වියේ පසු විය.
අභාවප්‍රාප්ත අමරදේව සූරීන්ගේ දේහය හෙට (නොවැ 4) පෙරවරු 10 සිට අනිද්දා (නොවැ 5) පස්වරු 3.30 දක්වා මහජන ගෞරවය පිණිස කොළඹ නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර තැබීමට නියමිතව ඇත.
එතුමාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (නොවැ 5) පස්වරුවේදී කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතව ඇත.
අමරදේව සූරීන්ගේ වියෝව නිමිත්තෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් එතුමාට ගෞරව දැක්වීම සඳහා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

තුමා ගැන පළ වූ ලිපියක් මෙතනින් කියවන්න –  එදා හඳමයි අදත් යෞවනයේ…………..

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!