කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර් ජනරාල් අමාත්‍යාංශය සෙනසුරාදා(29) නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණි. හදිසි කළමනාකරණ හා සිවිල් ආරක්ෂණ පනත (Emergency Management and Civil Protection Act) යටතේ පනවා ඇති මෙම සීමා තහනම ජූනි 16 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

ඉදිරි දින කීපය තුළ ඔන්ටේරියෝවේ කොවිඩ්-19 පැතිරීමේ ස්වභාවය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජූනි 16 වැනි දින සංචරණ තහනම ඉවත් කරනවාද නැද්ද යන්න ගැන නැවත සලකා බලන බව රජය පවසයි.

මේ අනුව ඔන්ටේරියෝහි දේශ සීමාවන් ලෙස පවතින ක්විබෙක් හා මැනිටෝබා යන පළාත් වෙත බලපැවැත්වෙන සංචරණ තහනමට අමතරව අවම වශයෙන් ජූනි 16 වෙනි දින දක්වා recreational campers ද  තහනම් කර ඇත. එසේම රෝගීන්ගේ කැමැත්තෙන් තොරව රෝහල් වෙත මාරු කිරීමේ වැඩපිළිවෙළ සහ  අත්‍යවශ්‍ය රෝහල් කාර්ය මණ්ඩල අඛණ්ඩව සේවයේ යෙදවීම ආදියද ජූනි 16 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!