අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී

ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී

රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී

පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී

 

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ

කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුණේ

මහමෙරකට උසයි දරු පෙම හද පතුළේ

පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

 

මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ

මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ

පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ

අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ

 

ගායනය – ටී. එම්. ජයරත්න 

සංගීතය – රෝහණ වීරසිංහ

පද රචනය – මාලනී ජයරත්න

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!