බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම්  වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි.

ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගැන පසුගියදා එබඳු පුවතක් ප්‍රචාරය විය.

එම පුවත වාර්තා කොට තිබුණේ සුප්‍රසිද්ධ විකිලීක්ස් වෙබ් අඩියේ වීම නිසා බොහෝ දෙනෙකු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට තිබුණි.

එහි සඳහන් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වූ බර්නි සැන්ඩර්ස් පරදවා ඒ තැනට හිලරි ක්ලින්ටන් පත් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කළ බවයි. මෙහිදී ඩිමොක්‍රටික් පක්ෂය ක්‍රියා කර ඇති අකාරය සනාථ කිරීම සඳහා ඊ-මේල් පණිවිඩ 20,000 ක් විකිලීක්ස් විසින් එම වෙබ් අඩවියට නිකුත් කොට ඇත.

2015 ජනවාරි සිට 2016 මැයි මාසය දක්වා DNC පක්ෂය විසින් ක්ලින්ටන්ට පක්ෂපාති ලෙස හුවමාරු කරන ලද ඊ-මේල් පණිවුඩ දහස් ගණනක් මෙලෙස විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කර ඇත. බර්නි සැන්ඩර්ස්ගේ ජනප්‍රියත්වය නිසා ක්ලින්ටන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව එල්ල වන අභියෝග සමග ගනුදෙනු කරන ආකාරය පිළිබඳව ඩිමොක්‍රටික් පක්ෂ කාර්ය මණ්ඩලය මෙම ඊ-මේල් තුළ සාකච්ඡා කර ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා ශක්‍ය අපේක්ෂකයා ලෙස සෑන්ඩර්ස් පත් කර ගැනීම වෙනුවට DNC පක්ෂය ක්ලින්ටන්ට නාමයෝජනා ලබා දීමට දර දිය ඇති ආකාරය මෙම ඊ-මේල්වලින් පැහැදිලිව තහවුරු වන බව ක්ලින්ටන් වෙත අප්‍රසාදය පළ කරන බොහෝ දෙනෙකු පෙන්වා දී ඇත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!