වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී
අනාත වූ මා දෑසේ කතා නිමා වේවී
මගේ කදුළු හංගා මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා...

අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා...

ගායනය නීලා වික්‍රමසිංහ
Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!