පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා…

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

පෙර දිනයක මා…

හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
කෙමෙන් මැකී යනවා

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා

පෙර දිනයක මා….

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය – ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය – සුනිල් සරත් පෙරේරා

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!