ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාලුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

ගායනය – ඩබ්. ඩී. අමරදේව
පද රචනය – සුනිල් සරත් පෙරේරා

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!