කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් පටින්..
 
මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා

වෙහෙස දරාගෙන
පාර අසාගෙන 
ආවෙමි අඳුරෙම ඔබව සොයා 

සීපද රාවේ සවනත වැටිලා 
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට 
හොඳ නෑ ඇයි එය නොසිතූවේ 
 
ඔබෙ සීපද මට හරි මිහිරියි 
මෝරන සෙනෙහස යයි ඉතිරී 
කියන්න සීපද රස කරලා

අහන්න ඒවා සැනසෙලා 
 
ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා 
 
අඳුරයි සුළඟයි අපව වටා 
තනි රකිනවා ආදරය සොයා 
 
දිවි ගංගාවේ 
ඔරුවයි හබලයි 
වාගේ නැළවෙමු සුවය පතා 
 
ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග  
         මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - මර්වින් සේනාරත්න
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!